Press "Enter" to skip to content

බන්ධනාගාර කොරෝනා පොකුර තවත් ඉහලට

බන්ධනාගාර ආශ්‍රිතව මේ වන විට කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 617 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.

ඊයේ දිනයේ කුරුවිට බන්ධනාගාරයෙන් නව ආසාදිතයින් 15 දෙනෙකු හඳුනාගෙන ඇති බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ඔවුන්ගෙන් 13 දෙනෙකු කාන්තා රැඳවියන් වන අතර දෙදෙනෙකු නිලධාරිනියන් බවයි වාර්තා වන්නේ.

ඔවුන් මේ වන විට ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළා.

මේ වන විට හඳුනාගෙන ඇති කොවිඩ් ආසාදිතයින්ගෙන් 578 දෙනෙකු රැඳවියන් වන අතර අනෙක් 39 දෙනා නිලධාරීන්ද සිටිනවා.

More from | LOCALMore posts in | LOCAL »

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *