Press "Enter" to skip to content

2021 අය වැය දෙවන වර කියවීම වැඩි ඡන්ද 99 කින් පාර්ලිමේන්තුවේදී සම්මත වෙයි

2021 අය වැය දෙවන වර කියවීම වැඩි ඡන්ද 99 කින් පාර්ලිමේන්තුවේදී සම්මත වුණා.

පක්ෂව ඡන්ද 151යි. විපක්ෂව ඡන්ද 52යි.

ඒ අනුව අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්ද 99කින් පාර්ලිමේන්තුවේදී අද (21) සම්මත වුණා.

2021 සඳහා වන අයවැය, මුදල් අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පසුගිය අඟහරුවාදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.

එසේම, අයවැය කාරක සභා අවස්ථාව ලබන සඳුදා සිට දෙසැම්බර් 10 වනදා දක්වා පැවැත්වෙන අතර, අයවැය තුන්වන වර කියවීමේ ඡන්ද විමසීම දෙසැම්බර් 10 වනදා පස්වරු 5 ට සිදුකෙරෙනවා.

More from | LOCALMore posts in | LOCAL »

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *