Press "Enter" to skip to content

නිරෝධායනය වෙමින් සිටින ක්‍රීඩකයන්ගේ නම් අවසන් LPL සංචිත නාම ලේඛණයේ

LPL තරගාවලිය සඳහා මෙරටට පැමිණි ක්‍රීඩකයන් දෙදෙනෙකු මේ වනවිට කොග්ගල Long Beach හෝටලයේ නිරෝධායනය වෙමින් සිටිනවා.

ඒ පාකිස්තානු ක්‍රීඩක සොහෙයිල් රන්විර් සහ ක්‍රීඩක රවින්ද්‍රපාල් සිං යන දෙදෙනායි.

කෙසේ වෙතත් සොහෙයිල් රන්විර්ගේ නම Kandy Tusker යටතේ ඊයේ නිකුත් කළ අවසන් සංචිතයට නම්කර තිබෙනු දක්නට ලැබෙනවා.

එමෙන්ම රවින්ද්‍රපාල් සිංගේ නම Colombo Kings යටතේ ඊයේ නිකුත් කළ අවසන් සංචිතයට නම්කර තිබෙනු දක්නට ලැබෙනවා.

නමුත් එම ක්‍රීඩකයන් තරග කරනවාද නැද්ද යන්න නිල නිවේදනයක් මෙතෙක් සංවිධායකයන් විසින් නිකුත් කර නැහැ.

More from | 𝐃𝐚𝐢𝐥𝐲 𝐒𝐩𝐨𝐫𝐭𝐬More posts in | 𝐃𝐚𝐢𝐥𝐲 𝐒𝐩𝐨𝐫𝐭𝐬 »

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *