නිවාර් සුළි කුණාටුව හේතුවෙන් ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයට ධාරාණිපාත වැසි ඇද හැළෙමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
අද පෙරවරුව වනවිට නිවාර් සුළි කුණාටුව ඉතා දැඩි සුළි කුණාටුවක් විය හැකි බවට ඉන්දීය කාලගුණ නිලධාරීන් අනතුරු අඟවා තිබෙනවා.
ඉදිරි පැය 24 තුළ නිවාර් සුළිකුණාටුව දැඩි චණ්ඩ සුළිකුනාටුවක් විය හැකි බවටත්, ඉදිරි පැය 24 තුළ එය ඉතා චණ්ඩ විය හැති බවටත් , ඉන්දීය කාළගුණයෙන් අනතුරු අඟවා තිබෙනවා.
ජාතික ආපදා ප්‍රතිචාර බලකායේ ගලවා ගැනීමේ භටයින් 1,200 ක් සුළගින් සිදුවන හානි අවම කර ගැනීම සඳහා යොදාවා තිබෙනවා.
ජාතික ආපදා ප්‍රතිචාර බලකායේ ප්‍රධානියා සඳහන් කළේ, ඉතා දැඩි බලපෑම් සහිත නරකම තත්ත්වයකට වුව ද ඔවුන් සූදානම් බවයි.
පවතින තත්වය හේතුවෙන් අද දිනයේදී තමිල්නාඩුවට මහජන නිවාඩු දිනයක් සහ තෙලංගනා ප්‍රාන්තය සඳහා ද නිවාඩු දිනයක් ප්‍රකාශයටපත් කර තිබෙනවා.


Be First to Comment