LPL තරඟාවලියේ පළමු තරඟයේ ජය හිමි කරගැනීමට Colombo Kings කණ්ඩායම ඊයේ සමත් වුණා.
ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් Kandy Tuskers කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 3ක් දැවී ලකුණු 219 ක් රැස්කළා.
එහිදී Kandy Tuskers කණ්ඩායම වෙනුවෙන් ප්‍රවේගකාරී පිතිහරඹයක් දියත් කළ Rahmanullah Gurbaz පන්දු 22 කදී 4 පහර 6ක් සහ හයේ පහර 4ක් සමග ලකුණු 53ක් රැස් කිරීමට සමත්වුණා.
Kandy Tuskers කණ්ඩායම වෙනුවෙන් කුසල් ජනිත් පන්දු 52 කදී හතරේ පහර 9ක් සහ හයේ පහර 4ක් සමග රැස්කළ ලකුණු සංඛ්‍යාව 87ක්.
MS Gony, PVD Chameera, Qais Ahmad එක් කඩුල්ල බැගින් දවාගනු ලැබුවා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ Colombo Kings කණ්ඩායම කඩුලු 7ක් දැවී තිබියදී පන්දුවාර 20 අවසානයේ රැස්කළ ලකුණු සංඛ්‍යාව 219ක්.
Colombo Kings කණ්ඩායමේ පිළිතුරු ඉනිම ඇරඹු Chandimal පන්දු 46 කදී හතරේ පහර 12ක් සහ හයේ පහර 2ක් සමග රැස්කළ ලකුණු සංඛ්‍යාව 80ක්.
පන්දු 12කට පමණක් මුහුණදුන් ඉසුරු උදාන දැවැන්ත හයේ පහර 4ක් සමගින් නොදැවී ලකුණු 34ක් රැස්කරමින් Colombo Kings කණ්ඩායම ජය කණුව වෙත ගෙන ආවා.
ඒ අනුව තරඟයේ ජය පැරදුම තීරණයේ කළේ සුපිරි පන්දුවාරයකින්.


Be First to Comment