Press "Enter" to skip to content

BCC සිංහල ගුවන් විදුලි සේවය මෙම මස අග සිට නවත්වයි

එළැඹෙන නොවැම්බර් 30 වන සඳුදා දින සිට සිට BCC සිංහල ගුවන් විදුලි සේවය වසා දමන බව එක්සත් රාජධානියේ ජාතික ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ප්‍රකාශ කරනවා.

2020 සැප්තැම්බරයේදී බීබීසී කියා සිටියේ ගුවන් විදුලි සේවාව වසා දමා සමාජ මාධ්‍යවල ව්‍යාප්තිය වැඩි කිරීමට ඔවුන්ට අවශ්‍ය බවයි.

මෙම සැලැස්ම 2021 මාර්තු මාසයේදී ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබුණද, මෙම මාසය අවසානයේදී සියලුම විකාශන නතර කිරීමට තීරණයක් ගෙන ඇති බව පසුගිය සතියේ ඔවුන් විසින් දැනුම්දී තිබෙනවා.

BBC සිංහල ගුවන්විදුලි සේවයේ වෙනස් කිරීමෙන් ඩොලර් 180,000 ක පිරිවැයක් ඉතිරි වන බවයි බීබීසී ආයතනය ප්‍රකාශ කළේ.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *