Press "Enter" to skip to content

අවිශ්කගේ විශිෂ්ඨ පිතිහරඹින් ජැෆ්නා ස්ටැලියන්ස් ජය හිමිකරගනී

LPL තරඟාවලියේ දෙවන තරගය ඊයේ (27) පැවැත්වුණා .

ඒ, ගෝල් ග්ලැඩියේටර්ස් සහ ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම් අතර.

මෙම සටනින් ජය ගන්නට තිසර පෙරේරා නායකත්වය දරණ ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම සමත් වුණා.

ස්ටැලියන්ස් කණ්ඩායම මෙම තරඟය ජය ගත්තේ කඩුලු 08කින්.

කාසිය වාසිය දිනා තරඟයේ පළමුව පන්දුවට පහරදුන් ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුල කඩුලු 08ක් දැවී ලකුණු 175ක් රැස් කළා.

එහිදී ග්ලැඩියේටර්ස් ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලක ලකුණු 38ක් රැස් කළ අතර නායක ෂහිඩ් අෆ්රිඩි හයේ පහර 06ක් සමඟ පන්දු 23කදී ලකුණු 58ක් රැස් කරගනු ලැබුවා.

පන්දු යැවීමේදී ඩුවාන් ඔලිවියර් සහ වනිඳු හසරංග පිළිවෙලින් ග්ලැඩියේටර්ස් කඩුලු 03 සහ 02 බැගින් බිඳ දැමීමට සමත්වුණා.

ලකුණු 176ක ජයග්‍රාහී ඉලක්කය හඹා යාමට පිටියට පිවිසි ස්ටැලියන්ස් කණ්ඩායම එම ඉලක්කය පන්දුවාර 19යි පන්දු 03ක් තුළ පසුකර ගියා.

විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩා කළ ස්ටැලියන්ස් ආරම්භක පිතිකරු අවිශ්ක ප්‍රනාන්දු නොදැවී ලකුණු 92ක් රැස් කරමින් සිය කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියා.

එහිදී ඔහුට අනගි සහයක් ලබාදුන් පාකිස්ථාන සුපිරි පිතිකරු ෂොයිබ් මලික් නොදැවී ලකුණු 27ක් රැස් කරගනු ලැබුවා.

More from | 𝐃𝐚𝐢𝐥𝐲 𝐒𝐩𝐨𝐫𝐭𝐬More posts in | 𝐃𝐚𝐢𝐥𝐲 𝐒𝐩𝐨𝐫𝐭𝐬 »

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *