Press "Enter" to skip to content

කොරෝනා මළ සිරුරු භූමදානයට ඉඩ නොදීම ගැන ඇමති අලි සබ්රිගෙන් තවත් Facebook සටහනක්

කොරෝනා වෛරස ආසාදනයෙන් මිය යන පුද්ගලයන් භූමදානයට ඉඩ නොදීම මහ විකාරයක් යැයි අධිකරණ ඇමති අලි සබ්රි මහතා සඳහන් කරනවා.

තම Facebook ගිණුමේ සටහනක් තබමින් ඒ මහතා පෙන්වා දෙන්නේ භූගත ජල මට්ටම ඉහළ රටවලද ඇතුළුව ලොව රටවල් 194ක් කොරෝනා දේහයන් භූමදානය ඉඩ දී ඇති බවයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයත්, ජාත්‍යන්තර රතුකුරුස සංවිධානය එය පිළිගෙන ඇති බවද ඔහු පෙන්වා දෙනවා.

එක්සත් ජාතික සංවිධානය එය සලකා බලන ලෙසද ඉල්ලීමක් කර ඇති බවත් මෙරට මානව හිමිකම් කොමිසමද එම ඉල්ලීම පිළිගෙන ඇතැයි ද ඔහුගේ සටහනේ දැක්වෙනවා.

More from | POLITICALMore posts in | POLITICAL »

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *