Press "Enter" to skip to content

LPL තුන්වන සටනේ ජය දඹුල්ල වයිකිං කණ්ඩායමට

LPL ඊයේ පැවති පළමු තරගයෙන් දඹුල්ල වයිකිං කණ්ඩායම ලකුණු 4ක ජයක් හිමි කර ගැනීමට සමත්වුණා.

ඒ, ඩක්වත් ලුවිස් න්‍යායට අනුවයි.

තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් දඹුල්ල වයිකිං කණ්ඩායම කඩුලු 4කට ලකුණු 195ක් රැස් කළා.

එහිදී නායක දසුන් ශානක ලකුණු 73ක් රැස් කළ අතර සමිට් පටෙල් ලකුණු 58ක් රැස් කිරීමට සමත්වුණා.

ඊට පිළිතුරු වශයෙන් කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම පන්දු වාර 9.4කදී රැස් කළේ, ලකුණු 84ක් පමණයි.

ඩක්වත් ලුවිස් න්‍යාය අනුව ඔවුන් රැස් කළ යුතුව තිබූ ලකුණු සංඛ්‍යාව 89ක්.

ඒ අනුව තරගයේ ජයග්‍රහණය දඹුල්ල වයිකිං කණ්ඩායමට හිමි වූ අතර තරගයේ දක්ෂතම ක්‍රීඩකයා‌ ලෙස නම් කෙරුණේ, දඹුල්ල කණ්ඩායමේ නායක දසුන් ශානකයි.

More from | 𝐃𝐚𝐢𝐥𝐲 𝐒𝐩𝐨𝐫𝐭𝐬More posts in | 𝐃𝐚𝐢𝐥𝐲 𝐒𝐩𝐨𝐫𝐭𝐬 »

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *