Press "Enter" to skip to content

බැසිල්ට පනවා තිබූ තවත් තහනමක් ඉවතට

ලිත් හා GI පයිප්ප නඩු සම්බන්ධයෙන් බැසිල් රාජපක්ෂට පනවා තිබූ විදෙස් ගමන් තහනම ඉවත් කිරීමට කොළඹ මහාධිකරණයෙන් නියෝග කර තිබෙනවා.

ලිත් හා GI පයිප්ප නඩු සම්බන්ධයෙන්, හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට සහ දිවිනැගුම සංවර්ධණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් කිත්සිරි රණවක යන මහත්වරුන්ට එරෙහිව කොළඹ මහාධිකරණ හමුවේ, පවරා තිබු නඩු දෙකක් ද, අද කැඳවනු ලැබුවා.

ඒ විත්තියේ නිතිඥයින් මෝසම් මගින් කළ ඉල්ලීම් අනුවයි.

එහිදී විත්තිකරුවන් එරෙහිව පනවා තිබු විදෙස් ගමන් තහනම් ඉවත් කිරිමට කොළඹ මහාධිකරණ විනිසුරු ධම්මික ගනේපොල සහ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත යන මහත්වරු නියෝග කළා.

More from | POLITICALMore posts in | POLITICAL »

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *