Press "Enter" to skip to content

ෆයිසර් – බයෝ – එන්ටෙක් කොරෝනා එන්නත භාවිත කිරීමට බ්‍රිතාන්‍යයේ අනුමැතිය

ඇමෙරිකානු ෆයිසර් සහ ජර්මානු බයෝ – එන්ටෙක් ඖෂධ නිෂ්පාදන සමාගම් ඒකාබද්ධව නිපදවූ කොවිඩ් 19 එන්නතට බ්‍රිතාන්‍යයේ අනුමැතිය හිමිවී තිබෙනවා.

ෆයිසර් එන්නත පුළුල් භාවිතයට අනුමත කළ ප්‍රථම බටහිර රට වන්නේ ද බි්‍රතාන්‍යයි.

ඒ අනුව, එරට ජනතාවට ෆයිසර් – බයෝ – එන්ටෙක් එන්නත භාවිත කිරීමට අවස්ථාව ලැබෙනු ඇති.

ලබන සතියේ සිට මෙම එන්නත භාවිතයට ගත හැකි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මීට අමතරව, මොඩර්නා එන්නත ද ඇමෙරිකාවේ සහ යුරෝපයේ නියාමන අනුමැතිය සඳහා ඉදිරිපත් කර තිබෙනවා.

More from | INTERNATIONALMore posts in | INTERNATIONAL »

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *