Press "Enter" to skip to content

“කුණාටුව හටගන්නා විට එය නැරඹිමට යාම හෝ විවෘත භූමිවල රැදී් සිටිම සපුරා තහනම්” – ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල්

“බුරවි” සුළි කුණාටුවේ බලපෑම සෘජුව හා වක්‍රව සමස්ථ දිවයිනටම ඇතිවිය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවනවා.

බස්නාහිර, සබරගමුව, දකුණ හා මධ්‍යම පළාත්වලට තද සුළං හා මිලිමීටර් 100 ට වැඩි තද වැසි ඇතිවිය හැකි බවයි කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් අතුල කරුණානයක මහතා පස්වරුවේ පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් සදහන් කළේ.

කුණාටුව හටගන්නා විට එය නැරඹිමට යාම හෝ විවෘත භූමිවල රැදී් සිටිම සපුරා තහනම් බවද මාධ්‍ය හමුවට එක්වු ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරල් සුදන්ත රණසිංහ මහතා කියා සිටියා.

කුණාටුවෙන් සිදුවන දේපල හානි සදහා රජය වන්දි ගෙවන බවද සුදන්ත රණසිංහ මහතා ප්‍රකාශ කළා.

එබැවින් ජීවිත ආරක්ෂා කර ගැනිම සදහා පූර්ණ අවධානය යොමු කරන්නැයිද ඔහු ජනතාවගෙන් ඉල්ලිමක් කළා.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *