ඊයේ දිනයේ ද හඳුනාගැනුණු නව ආසාදිතයින් අතරින් වැඩිම පිරිසක් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 294 ක් වනවා.
මීට අමතරව බණ්ඩාරගම, අටුලුගම ප්‍රදේශයෙන් කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 96 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.
ඊයේ (01) දිනයේදී සිදුකළ ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණවලදී මෙම ආසාදිතයන් හඳුනාගැනුණු බව සෞඛ්‍ය අංශ සඳහන් කළා.
ඒ අනුව බණ්ඩාරගම, අටුලුගම ප්‍රදේශයෙන් පමණක් මේ වන විට කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 327 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.
ඊයේ ආසාදිතයන් 545 ක් හමු වූ ප්‍රදේශ පහත පරිදි වනවා.



මේ අතර මෙරට කොරෝනා වෛරස් ආසාදිතයන් අතුරින් තවත් 487 දෙනෙකු සුවය ලබා තිබෙනවා.
ඒ අනුව සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 18,304 දක්වා ඉහළ යනු ඇති.
දැනට මෙරට රෝහල් සහ ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබමින් සිටින සංඛ්‍යාව 6,106 ක්.


Be First to Comment