Press "Enter" to skip to content

ඕස්ට්‍රේලියාවේ ACT ප්‍රාන්තය සඳහා පනවා ඇති ලොක්ඩවුන් තත්වය තවත් සති 04 කින් දීර්ඝ කරයි

ඕස්ට්‍රේලියාවේ කැන්බරා අග නගරයද ඇතුළත් ACT ප්‍රාන්තය සඳහා පනවා ඇති ලොක්ඩවුන් තත්වය තවත් සති 04 කින් දීර්ඝ කර තිබෙනවා.

ඒ අද දිනයේදී තවත් කොවිඩ් ආසාධිතයන් 22 දෙනෙකු තහවුරු වීමත් සමගයි.

2022 වසර ආරක්ෂාකාරීව උදා කර ගැනීම සඳහා මෙම තීරණය ගත් බවයි ප්‍රාන්ත ප්‍රධාන අමාත්‍යවරයා පැවසුවේ.

ඒ අනුව නත්තල් සමයද ආරක්ෂාකාරීව සැමරීමට සිදුවනු ඇති බවයි ඔහු පැවසුවේ.

ACT ප්‍රාන්තය තුළ පළමුවෙන් ලොක්ඩවුන් තත්වයක් පැනවුයේ පසුගිය අගෝස්තු 12 වනදායි.

එය දින 07 ක් සඳහා ක්‍රියාත්මක වුවද අනතුරුව දිගින් දිගටම දීර්ඝ කරනු ලැබුවා.

මේ අනුව කැන්බරා නගරයේ සංචරණ සීමා ඔක්තෝබර් 15 වනදා අවසන් වීමට නියමිතයි. (colombotimes.lk)

Viber
More from | INTERNATIONALMore posts in | INTERNATIONAL »