Press "Enter" to skip to content

බැඩ්මින්ටන් ක්‍රීඩක නිලූක සහ පිහිනුම් ක්‍රීඩිකා අනිකා අද ඔලිම්පික් තරග බිමට

බැඩ්මින්ටන් ක්‍රීඩක නිලූක කරුණාරත්න සහ පිහිනුම් ක්‍රීඩිකා අනිකා ගෆූර්, මෙවර ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළලේ තරග සඳහා අද (24) සවස සහභාගී වීමට නියමිතයි.

නිලූක කරුණාරත්න බැඩ්මින්ටන් පිරිමි කේවල ඉසව්වේ පළමු තරගය සඳහා සහභාගී වන්නේ , චීන තායිපේ ක්‍රීඩක වැං-සූ වේට එරෙහිවයි.

එම තරගය මෙරට වේලාවෙන් සවස 4.30 ආරම්භ වීමට සැලසුම් කර තිබෙනවා.

මේ අතර ශ්‍රී ලංකා පිහිනුම් ක්‍රීඩිකා අනිකා ගෆූර් සහභාගී වන මූලික වටයේ තරගය ද අද පැවැත්වෙනවා.

ඇය තරග කරන්නේ, මීටර් 100 සමනල ආර පිහිනුම් ඉසව්වයි.

එම තරගය මෙරට වේලාවෙන් පස්වරු 3.55 ට ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා.

මේ අතර 2020 ඔලිම්පික් උළෙලේ පළමු රන් පදක්කම දිනා ගැනීමට චීනය සමත් වුණා.

ඒ අනුව, මීටර් 10 වායු රයිපල් වෙඩි තැබීමේ, ඉසව්වේ අවසන් තරගයේ දී රන් පදක්කම දිනා ගත්තේ චීනයේ ක්යාන් යාංග් විසින්.

ඔලිම්පික් උළෙලේ පළමු රිදී පදක්කම දිනා ගැනීමට ස්වාධීන ක්‍රීඩිකාවක් වූ රුසියාවේ අනස්ටීසියා ගලෂීනා සමත් වූවා.

ලෝකඩ පදක්කම ස්විට්සර්ලන්තයට හිමිවුණා.

මේ අතර මෙම ඉසව්වට සහභාගි වූ ශ්‍රී ලංකාවේ ටෙහානී එගොඩවෙලට මූලික වටයේදී 49වැනි ස්ථානය හිමිවුණා.

ඇය ලබාගත් සමස්ත ලකුණු ගණන 611.5ක්. (colombotimes.lk)

More from | 𝐃𝐚𝐢𝐥𝐲 𝐒𝐩𝐨𝐫𝐭𝐬More posts in | 𝐃𝐚𝐢𝐥𝐲 𝐒𝐩𝐨𝐫𝐭𝐬 »