Press "Enter" to skip to content

ලබන වසරේ සිට දුම්වැටි අලෙවිය තහනම් කළ රට

දුම්බීමෙන් ඉවත්වීමේ වැඩසටහනට සමගාමීව දුම්වැටි අලෙවි කිරීමට තහනම් කිරීමට නවසීලන්තය තීරණය කර තිබෙනවා.

මෙසේ දුම්වැටි මිලදී ගැනීම තහනම් වන්නේ 2008න් පසු ඉපදුණ පුද්ගලයන්ට වනවා.

ලබන වසරේ සිට මෙය ක්‍රියාත්මක වීමට නියමිතයි.

ඒ අනුව 2008න් පසු ඉපදුණ කිසිවෙකුට සිය ජිවිත කාලය තුළදී නවසීලන්තයේදී දුම්වැටි මිලදී ගැනීමේ අවස්ථාවක් හිමිවන්නේ නැහැ.

එමෙන්ම 2025 වනවිට දුම්බීම 5% අඩු කිරීමටද එරට අපේක්ෂා කරනවා.

ඒ අනුව සුපිරි වෙළඳසල් වල දුම්වැටි අලෙවිය තහනම් කිරීමටද බලධාරීන් පියවරගෙන තිබෙනවා. (colombotimes.lk)

Viber