Press "Enter" to skip to content

අඟහරු සහ බ්‍රහස්පති ග්‍රහයන් අතර ඉන්න “ක්ලියෝපැට්‍රා” ගැන ඔබ දන්නවාද?

මේ විශ්වය කෙතරම් විශාලද.. කොයි තරම් අරුම පුදුම දේවල් විශ්වය පුරා පැතිර තිබෙනවාදැයි කිසිවෙකුට නිශ්චිතවම සිතා ගත නොහැකියි. ලොව පුරා විද්‍යාඥයින් පුදුමයට පත් කරමින් මෙන්ම කලින් සිතුවාට වඩා විශාල බව හෙළිකරමින් “ක්ලියෝපැට්‍රා” නම් වූ විකාර සුනඛ අස්ථි හැඩැති ග්‍රහකයක් ඡායාරූපගත කිරීමට තාරකා විද්‍යාඥයින් පිරිසක් සමත්වී තිබෙනවා.

These eleven images are of the asteroid Kleopatra, viewed at different angles as it rotates. The images were taken at different times between 2017 and 2019

බොහෝ දුරට ලෝහමය ද්‍රව්‍ය වලින් සැදී ඇති මෙම ග්‍රාහකය අඟහරු සහ බ්‍රහස්පති අතර සූර්යයා වටා භ්‍රමණය වන වනවා. සැතපුම් 168 ක් දිග සැතපුම් 58 ක් පළල වන අතර එය හැඩ්රියන් පවුර මෙන් දෙගුණයක් විශාල වන බවටයි නවතම තොරතුරු මඟින් සොයා ගෙන තිබෙන්නේ. එනම් කලින් කරන ලද ඇස්තමේන්තු වල තොරතුරු අනුව එය සැතපුම් 134 ක් දිග සහ පළල සැතපුම් 58 ක් බවයි වාර්තා වන්නේ.

අද්භූත හැඩයකින් යුත් මෙය විශාල සුනඛ අස්ථියක් මෙන් පෙනෙන අතර 1880 දී ඔස්ට්‍රියානු තාරකා විද්‍යාඥ ජොහාන් පලිසා විසින් එය මුලින්ම සොයා ගත් දා සිට එය තාරකා බලන්නන්ගේ සිත් ඇද බැඳ තබා ගැනීමට සමත්වී තිබෙනවා. එය සෑදී ඇත්තේ ඝන ‘බෙල්ලකින්’ සම්බන්ධ වූ පෙති දෙකකින් වන අතර යුරෝපීය දක්ෂිණ නිරීක්ෂණාගාරයේ ඉතා විශාල දුරේක්ෂය මගින් ග්‍රහණය කරගත් නව ඡායාරූප මඟින් මෙම ග්‍රාහකය භ්‍රමණය වන විට විවිධ කෝණ හෙළි කර ගැනීමට සමත්වී තිබෙනවා. 2017 සහ 2019 අතර කාලය තුළ විවිධ අවස්ථා වලදී ගන්නා ලද ඡායාරූප කැලිෆෝනියාවේ මවුන්ටන් වීව් හි පිහිටි සෙටි ආයතනය ප්‍රමුඛ ජාත්‍යන්තර කණ්ඩායමක් ග්‍රහවස්තුවේ රූප සැකසීම සිදු කර තිබෙනවා.

ක්ලියෝපැට්රා පෘථිවියේ සිට සැතපුම් මිලියන 125 ක් ඈතින් පිහිටා ඇති අතර ඒ හේතුවෙන් පියවි ඇසට අහසේදී පෙනෙන ප්‍රමාණය සැතපුම් 25 ක් එනම් තින් ගොල්ෆ් බෝලයක් නැරඹීමට සමාන බව විද්‍යාඥයින් පවසනවා. එහි ප්‍රධානියෙකු වන ආචාර්ය ෆ්‍රෑන්ක් මාර්චිස් පැවසුවේ ක්ලියෝපැට්රා යනු අපේ සෞරග්‍රහ මණ්ඩලයේ සුවිශේෂී සොයාගැනීමක් වන අතර නව නිරීක්ෂණ මඟින් එහි සැකසීම පිළිබඳ වැඩි විස්තර ලබා ගත හැකි බවයි.අමුතු බාහිර ග්‍රහවස්තු අධ්‍යයනය කිරීමෙන් විද්‍යාව බොහෝ දියුණුවක් ලබන බවත් ක්ලියෝපැට්රා එයින් එකක් වන අතර මෙම සංකීර්ණ බහු ග්‍රහක පද්ධතිය අවබෝධ කර ගැනීමෙන් සෞරග්‍රහ මණ්ඩලය ගැන වැඩිදුර ඉගෙන ගැනීමට හැකිවන බව ඔහු වැඩිදුරටත් පවසා සිටිනවා.

This image provides a size comparison of the asteroid Kleopatra with Chile. where the VLT telescope used to capture the images of the asteroid is located

2008 සැප්තැම්බර් මාසයේදී මාර්චිස් සහ හවුල්කරුවන් නිවේදනය කළේ අසාමාන්‍ය ග්‍රාහකයකට චන්ද්‍රයින් දෙදෙනෙකු සිටින බවයි. පසුව ක්ලියෝපැට්රාගේ දරුවන් වන ඇලෙක්සැන්ඩර් හීලියෝස් සහ ක්ලියෝපැට්රා සෙලීන් II යන නම් වලින් ඇලෙක්සෙලියෝස් සහ ක්ලියෝසලින් ලෙස මෙම චන්ද්‍රයන් නම් කරන ලදී. නව වී.එල්.ටී. නිරීක්ෂණ මඟින් එහි මානයන් හා ස්කන්ධය වෙන කවරදාටත් වඩා නිවැරදිව හඳුනා ගෙන තිබෙන අතර එහි කක්ෂගත වන චන්ද්‍රයන් එයට ආලෝකය සපයයි.
ක්ලියෝපැට්රා යනු ග්‍රහක දෙකක් අතර ඇදහිය නොහැකි තරම් දරුණු ගැටුමක අවශේෂයක් ලෙස සැලකෙන අතර එය සම්පූර්ණයෙන්ම බිඳ වැටී විසිරී නොගොස් ඉතිරි වූ කැබලි මෙලෙස සොයා ගැනීමට හැකි වී ඇති බව විද්‍යාඥයින් මත පල කරනවා.

The mostly-metal asteroid orbits the sun between Mars and Jupiter, and is 168 miles long by 58 miles wide, making it twice the size of Hadrian's Wall. Previous estimates put it at 134 miles long by 58 miles wide

වී.එල්.ටී. මගින් ගන්නා ලද විවිධ ඡායාරූප මත පදනම්ව ජාත්‍යන්තර කණ්ඩායම ත්‍රිමාණ ආකෘති නිර්මාණය කළ අතර එහිදී මෙහි එක් පෙත්තක් අනෙකට වඩා විශාල බව සොයා ගැනීමට හැකිවී තිබෙනවා. ක්ලියෝපැට්‍රාගේ ඝනත්වය ඝන සෙන්ටිමීටරයකට ග්‍රෑම් 3.4 ක් පමණක් බව දෙවන අධ්‍යයනයෙන් පෙන්වා දී තිබෙනවා. එම ඝනත්වය යකඩෙන් අඩක් වන අතර එයින් අදහස් කරන්නේ අමුතු ග්‍රහකය කලින් සිතුවාට වඩා තුනෙන් එකක් පමණ විශාල නොවන බවත් චන්ද්‍රයන් වෙනත් ස්ථානයක සිටින බවත්ය.

චාල්ස් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය මිරෝස්ලාව් බ්‍රෝස් පැවසුවේ චන්ද්‍රයින්ගේ පිහිටීම වැරදි යැයි සොයා ගැනීම විසඳිය යුතු බවය. එනම් චන්ද්‍රයින්ගේ කක්ෂ වැරදි වුවහොත් ක්ලියෝපැට්රා ස්කන්ධය ඇතුළුව සියල්ල වැරදීමට ඉඩ ඇති බවයි. ඇලෙක්ස්හෙලියෝස් සහ ක්ලියෝ සෙලීන්ගේ සංකීර්ණ චලනයන්ට ක්ලියෝපැට්රාගේ ගුරුත්වාකර්ෂණය කෙසේ බලපායිද යන්න නිශ්චිතව විස්තර කිරීමට ජාත්‍යන්තර කණ්ඩායමට නව දත්ත සහ සංකීර්ණ ආකෘති නිර්මාණය බෙහෙවින් උපකාරී වී තිබෙනවා. එමෙන්ම අඩු ඝනත්වය අනුව ක්ලියෝපැට්රාගේ සිදුරු සහිත ව්‍යුහයක් ඇති අතර එය ‘සුන්බුන් ගොඩකට’ වඩා තරමක් වැඩි විය හැකි බවත්, යෝධ බලපෑමකින් පසු ද්‍රව්‍ය නැවත එකට එකතු වූ විට එය සෑදී ඇති බවට සාක්ෂි හමුවී ඇති බවත් සඳහන්.

This processed image, based on observations taken in July 2017, shows the two moons of the asteroid Kleopatra (the central white object), AlexHelios and CleoSelene, which appear as two small white dots in the top-right and bottom-left corners of the picture

මෙම ග්‍රහකය විශාල වේගයකින් කැරකෙමින් තිබෙන අතර එය තවත් වේගයෙන් ගියහොත් එය කඩා වැටීමට පටන් ගන්නා බවත් ඔවුන් මත පල කරනවා. එමෙන්ම වෙනත් අභ්‍යවකාශ පර්වතයක සිට, ඕනෑම කුඩා බලපෑමක් මඟින් ගල් කැට අභ්‍යවකාශයට යැවිය හැකි බවත් එම කණ්ඩායම සොයා ගෙන තිබෙනවා. මාර්චිස් සහ ඔහුගේ කණ්ඩායම විශ්වාස කරන්නේ එම ගල් කැට වලට පසුව ඇලෙක්ස්හෙලියෝස් සහ ක්ලියෝසෙලීන් සැදී තිබිය හැකි බවයි. එනම් එයින් අදහස් කරන්නේ ක්ලියෝපැට්රා තමන්ගේම චන්ද්‍රයින් බිහි කළ බවයි.

ක්ලියෝපැට්‍රා යනු ග්‍රහක දුසිම් ගණනාවකගෙන් එකක් වන අතර එහි වර්ණ ගැන්වීමේදී එහි රේඩාර් සංඥා ප්‍රබල ලෙස පිළිබිඹු වීම නිසා ඒවායේ ලෝහ අඩංගු බව පෙන්නුම් කරයි. පෘථිවිය මෙන් නොව, එම ග්‍රහක සිසිලනය වී ඝණීකෘත වූ අතර බොහෝ ඒවා විශාල ඝට්ටනවලට භාජනය වූ අතර ඒවායේ ලෝහමය හරය එමඟින් හෙළි වී තිබෙනවා. සමහර අවස්ථාවලදී එම ගැටුම් හේතුවෙන් ඇරිසෝනාහි උල්කාපාත ආවාටයක් සෑදු යකඩ උල්කාපාත බවට පත් වී අවසානයේදී පෘථිවියේ ගැටීමට ලක් වී ඇති බවට මත පල කරනවා.

(colombotimes.lk) @Vimarshana Samrakoon

Viber