Press "Enter" to skip to content

වඳ වීමට ගිය “ෆෙරෙට්” ගේ අලුත් උපත

සත්ව ලෝකය කියන්නේ හැමදාමත් කුතුහලය පිරුණ තැනක්. ඒ වගේම හරිම සුන්දරයි. හුරතල් සතුන් වගේම භයානක සතුන්ගෙන් පිරුණ මේ සත්ව ලෝකයේ සමහරක් සතුන් හරිම විශේෂයි. මොකද ඒ සතුන් අතරින් සමහරක් සඳහටම වඳ වෙලා ගිහින්. එහෙම නැත්නම්, මේ වෙනකොටත් වඳ වීමේ තරජනයට මුහුණ දීලා. නමුත් විද්‍යා ලෝකයේ දියුණුවත් සමඟින් අද වෙනකොට මෙවැනි සතුන් බොහොමයකට නැවත උපත දෙන්න හැකියාව ලැබිලා තියෙනවා. අන්න ඒ වගේ ක්ලෝන මඟින් වඳ වීමේ තර්ජනයෙන් බේරා ගනු ලැබුණ තවත් සත්වයෙක් ගැන තමයි මේ කියන්න යන්නේ.

Elizabeth Ann, black-footed ferret clone, explores her surroundings at the National Black-Footed Ferret Conservation Center in Carr, Colorado. Born December 10, she is the first successful clone of an endangered species in the United States

ෆෙරෙට් නමින් හඳුන්වන මේ සත්වයා කළු පාද සහිත ඉතාමත් හුරුබුහුටි සත්වයෙක්. වඳවීමේ තර්ජනයට මුහුණ දුන් ඇමරිකාවේ ක්ලෝන කරන ලද පළවෙනි සත්වයා වීම නිසා තමයි ෆෙරෙට් විශේෂ සත්වයෙක් ලෙස ලෝකයේ කතා බහට ලක් වෙන්නේ. එක්සත් ජනපදයේ මත්ස්‍ය සහ වනජීවී අංශය සහ වෙනත් සංවිධාන වල එකමුතුවෙන් සිදු කරපු විද්‍යාත්මක සොයා ගැනීම් සමඟින් තමයි මේ සත්ව විශේෂය සාර්ථක ආකාරයෙන් ක්ලෝන කිරීමට හැකියාව ලැබිලා තියෙන්නේ. ඉතින් මේ සිදුවීම ජෛව විවිධත්වයේ සංධිස්ථානයක් විය හැකි බවයි ඔවුන් විශ්වාශ කරන්නේ.

Elizabeth Ann was cloned from genetic material from Willa, a ferret captured in the wild more than 30 years ago

සංරක්ෂණ ක්‍රම අතරට ජෛව තාක්ෂණය ගෙන ඒම, එක්සත් ජනපදයේ මත්ස්‍ය සහ වනජීවී අංශය ආරම්භ කිරීම පරමාර්ථයබවයි ඔවුන් පවසන්නේ. මොකද යම්කිසි සත්ව විශේෂයක් වඳ වීමේ තරජනයට මුහුණ දී ඇති විට ජානමය වශයෙන් එම සත්වයින් බොහෝ කාලයක් රැක ගැනීම අසීරු බව ඔවුන් වටහාගෙන තිබුණා.

There are less than 500 black-footed ferrets in the wild. Conservationists call Elizabeth Ann's birth 'a win for biodiversity and for genetic rescue.' Pictured:

1985 වසරේදී කළු පැහැති පාද සහිත සත්වයෙකුගේ ජාන කොටස් සැන් ඩියාගෝ සත්වෝද්‍යානයේ ජාන සම්බන්ද විද්‍යාඥයෙකු වෙත රැගෙන ගියා.එම ජාන වලින් තමයි ක්ලෝන ආකාරයට මෙම ෆෙරෙට් සත්වයාට උපත ලබා දී තිබෙන්නේ. ඒ සඳහා මුලිකත්වය ගෙන කටයුතු කළ ජාන විද්‍යාඥ වෛද්‍ය රයිඩර් සේවය කරන්නේ ශීත කළ සත්වෝද්‍යානය නම් ස්ථානයක. මෙසේ ගබඩා කළ ජානමය කොටස් සාම්පල 10,000කට වඩා ප්‍රමාණයක් මේ ශීත කල ජානමය ගබඩාව තුල තිබීම තමයි එම ස්ථානයේ තිබෙන සුවිශේෂත්වය වන්නේ.

The black-footed ferret was listed as endangered in 1967 and considered extinct in the wild in 1979. A Wyoming rancher discovered a small population in 1981, which was used to start a breeding program

ගෘහාශ්‍රිතව ඇති කරන ෆෙරෙට් සත්වයෙකු ආදේශකයක් ලෙස භාවිතා කරමින් මේ ක්ලෝනය සිදු කරලා තියෙනවා වගේම එය ඉතාමත් සාර්ථක වීම ඔවුන්ට විශාල සතුටක් ගෙන දුන්නා. පසුගිය වසරේ දෙසැම්බර් 10 වෙනිදා තමයි මේ ක්ලෝනය ෆෙරෙට් කෙනෙක් ලෙස උපත ලැබුවේ.මේ කළු පාද සහිත නව ෆෙරට් සත්වයා ඔහුගේ සංරක්ෂණ මධ්‍යස්ථානය වෙත ලබා දීමට කටයුතු සිදු කළා. පරිසරයට එකතු වීමට කාලය එළඹුනාට පසුව කාලයකදී සත්වයින් සමඟ ජනගහනයට සහභාගී කරවීමට ඔවුන් බලාපොරොත්තු වෙනවා.

Elizabeth Ann enjoys a lunch of prairie dog. The rodent, the black-footed ferret's chief food source, has been almost wiped out by a flea-borne plague

නැති වී ගිය වගේම වඳවීමේ තර්ජනයට මේ වන විටත් මුහුණ දී තිබෙන සත්වයින් වෙනුවෙන් මේ උපත ලබා දීම සත්ව ලෝකය අලුත් මාවතකට ගෙන යනු ඇති බව තමයි විද්වතුන් ප්‍රකාශ කරන්නේ. ශීත කළ සත්වෝද්‍යානය සහ ලොව පුරා තර්ජනයට ලක්වූ විශේෂයන් ආරක්ෂා කිරීමට සහ පුනර්ජීවනය කිරීමට ක්ලෝනකරණයට ඔවුන් නව මුහුණුවරක් මේ වනවිටත් ලබා දී අවසන්.

Black-footed ferrets once thrived across mid-continent North America, from southern Canada to northern Mexico
More from | 𝗕𝗟𝗢𝗚More posts in | 𝗕𝗟𝗢𝗚 »

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *