Press "Enter" to skip to content

මහවැලි ගගේ අතුරුදන් වූ පුද්ගලයාගේ මළ සිරුර සොයාගනී

මහනුවර, ඉලුක්මෝදර ප්‍රදේශයේදී මෝටර් රථයක් මහවැලි ගඟට පෙරළීමෙන් අතුරුදන්ව සිටි පුද්ගලයාගේ මළ සිරුර සොයාගෙන තිබෙනවා.

මෙම මෝටර් රථය ඊයේ(27) රාත්‍රී ඉලුක්මෝදර ප්‍රදේශයේදී වේගය පාලනය කරගත නොහැකිව මහවැලි ගඟට පෙරලී තිබුණා.

මෝටර් රථයේ ගමන් කරමින් සිටි තිදෙනාගෙන් දෙදෙනෙකු බේරාගෙන ගෙන ඇති අතර ඔවුන් මේ වනවිට මහනුවර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසනවා.

බේරාගෙන ගෙන ඇති දෙදෙනා, එම මෝටර් රථයේ රියැදුරු සහ එහි ගමන් කළ තවත් අයෙකි. (colombotimes.lk)

Viber
More from | LOCALMore posts in | LOCAL »