Press "Enter" to skip to content

කබ්රාල්ගේ ඉල්ලා අස්වීමේ ලිපිය පාර්ලිමේන්තු මහලේකම්වරයා වෙත – හිස් වන අසුන හිමිවන කෙනා මෙන්න

මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය පාර්ලිමේන්තු මහලේකම්වරයා වෙත භාරදී තිබෙනවා.

මහ බැංකු නව අධිපතිවරයා ලෙස වැඩ භාරගැනීමේ අරමුණින් ඔහු එලෙස ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙනවා.

මේ අතර අජිත් නිවාඩ් කබ්රාල් මහතා ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වන ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා ජයන්ත කැටගොඩ මහතා පත්කිරීමට පොදුජන පෙරමුණ තීරණය කළ බව එහි ප්‍රධාන ලේකම්වරයා පවසනවා. (colombotimes.lk)

Viber
More from | POLITICALMore posts in | POLITICAL »