Press "Enter" to skip to content

හොරණ – කොළඹ මාර්ගයේ ගමනාගමනයට සීමා

හොරණ – කොළඹ මාර්ගයේ කොහුවල හංදියේ, පොදු ප්‍රවාහන බස්රථ හැර සෙසු වාහන ගමනාගමනය සීමා කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව ඔක්තෝබර් මස 21 වන දා සිට දෙසැම්බර් මස 20 වන දින දක්වා එම මාර්ගයේ ගමනාගමන කටයුතු සීමා කෙරෙනු ඇති.

කොහුවල ගුවන් පාලමේ ඉදිකිරීමේ කටයුතු හේතුවෙන් වාහන ගමනාගමනය සීමා කර ඇති අතර, රියදුරන් ට හැකිතාක් විකල්ප මාර්ග භාවිත කරන ලෙස මාර්ග සංවර්ධන අධිකාරිය ඉල්ලා සිටිනවා.
(colombotimes.lk)

Viber