Press "Enter" to skip to content

ඔමික්‍රෝන් නිසා රටක් ලොක් ඩවුන් කෙරේ

සියලු විදේශිකයන්ට තම රටට ඇතුලුවීම ඊශ්‍රායලය විසින් තහනම් කර තිබෙනවා.

ඒ. අද (28) රාත්‍රියේ සිට බලාත්මක වන පරිදි වන අතර මේ සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබෙන බවද සඳහන්.

ඔමික්‍රොන් ප්‍රභේදය හමුවේ සමස්ත දේශ සීමා වසා දමන ලද පළමු රට ඊශ්‍රායලය බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එරට අග්‍රාමාත්‍ය නෆ්ටාලි බෙනට් කියා සිටියේ අවම වශයෙන් දින 14 ක් මෙම නියමය ක්‍රියාත්මක කරන බවයි.

එමෙන්ම මෙම වෛරස ප්‍රභේදය ආසාදිතයෙකු ඉතාලියෙන්ද හමුවී තිබෙන බව වාර්තා වනවා.

ඔහු මොසැම්බික් රාජ්‍යයේ සිට මිලාන් දක්වා පැමිණි අයෙකු බව වැඩිදුරටත් සඳහන්. (colombotimes.lk)

Viber