Press "Enter" to skip to content

මහා පරිමාණයේ රත්‍රං ජාවාරමක් ගැන රේගුවෙන් අනාවරණයක්

ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් මහපරිමාණයේ රත්‍රං ජාවාරමක් අනාවරණය කරගැනීමට අද (27) සමත් වී තිබෙනවා.

ව්‍යාජ ව්‍යාපාර නාමයක් භාවිත කරමින් ඩුබායි නගරයේ සිට වාහන අමතර කොටස් හා විදුලි උපකරණ යන්ත්‍රවල කොටස් ආනයනය කරන බව පවසමින් සූක්ෂම ලෙස සඟවා මෙම රත්‍රං කිලෝ 16 රැගෙනවිත් තිබෙන බවයි වාර්තා වන්නේ.

එම රත්‍රංවල වෙළෙඳපොළ වටිනාකම රුපියල් මිලියන 220කට ආසන්න වන අතර මේ වනවිට සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.(colombotimes.lk)

Viber