Press "Enter" to skip to content

දිමුත් සිය 13වන ටෙස්ට් ශතකය වාර්තා කරයි

ශ්‍රී ලංකා කණ්ඩායම සහ සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර මේ වනවිට පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේදී දිමුත් කරුණාරත්න පන්දු 212කදී හතරේ පහර 12ක් සමග ශතකයක් වාර්තා කිරීමට අද (21) සමත් වුණා.

ශ්‍රී ලංකා කණ්ඩාමේ නායක දිමුත් කරුණාරත්න එසේ වාර්තා කළේ සිය 13වන ටෙස්ට් ශතකය යි.

ඒ අනුව දිමුත් කරුණාරත්න නොදැවී මේ වනවිට රැස්කරගෙන සිටින ලකුණු සංඛ්‍යාව 102ක් වනවා.

තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙන අතර පළමුවෙන් පන්දුවට පහරදෙන ශ්‍රී ලංකා කණ්ඩායම මීට සුළු වේලාවකට පෙර කඩුලු 3ක් දැවී ලකුණු 190ක් රැස් කරගෙන සිටිනවා. (colombotimes.lk)

Viber