වසරේ ටෙස්ට් කණ්ඩායම් නායකයා වශයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න නම්කර තිබෙනවා.
Cricket.com.au මගින් එම කණ්ඩායම නම් කර ඇති අතර ඊට 2021 වසරේ පිත්තෙන් සහ පන්දුවෙන් දස්කම් දැක්වූ ක්‍රීඩකයින් 11 දෙනෙකු ඇතුළත්.
ඊට ඉන්දීය ක්‍රීඩකයින් 4 දෙනෙක්, පාකිස්තාන ක්‍රීඩකයින් 3 දෙනෙක්, සහ ශ්‍රී ලංකා, එංගලන්ත, ඔස්ට්‍රේලියා සහ නවසීලන්ත එක ක්‍රීඩකයෙක් බැගින් ඇතුළත් වනවා.
එම කණ්ඩායම මෙසේයි,
- රෝහිත් ශර්මා – ඉන්දියාව
- දිමුත් කරුණාරත්න (නායක) – ශ්‍රී ලංකාව
- මානස් ලබුශේන් – ඔස්ට්‍රේලියාව
- ජෝ රූට් – එංගලන්තය
- ෆවාඩ් අලාම් – පාකිස්තානය
- රිෂාබ් පාන්ට් – ඉන්දියාව
- රවිචන්ද්‍රන් අශ්වින් – ඉන්දියාව
- කයිල් ජැමීසන් – නවසීලන්තය
- අක්ෂාර් පටෙල් – ඉන්දියාව
- හසන් අලි – පාකිස්තානය
- ෂහීන් ෂා අෆ්රිඩි – පාකිස්තානය (colombotimes.lk)