Press "Enter" to skip to content

“එන්නත අත්හදා බැලීමට දරුවන් යොදා ගන්න එපා” – ඕමල්පේ සෝභිත හිමි

දරුවන්ට කොරෝනා එන්නත ලබාදීම සම්බන්ධයෙන් විද්‍යාත්මක වශයෙන් නිශ්චිත එකගතාවයක් නොමැති බවත් ඒ හේතුවෙන් දරුවන්ට එන්නත් ලබාදී පර්යේෂණ අත්හදාබැලීම් සදහා යොදා නොගන්නැයි පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් පවසනවා.

උන්වහන්සේ මේ අදහස් පල කළේ කොවිඩ් මරණ වැලැක්වීමේ එකමුතුවේ ප‍්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.

වැඩිදුරටත් සදහස් දක්වමින් උන්වහන්සේ පැවසුවේ පාසල් විවෘත කිරීමට ගෙන ඇති තීරණය ක‍්‍රියාත්මක කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවත් දේශීය වෛද්‍ය විද්‍යාව අනුව ප‍්‍රතිශක්තිය වර්ධනය වන ආකාරයේ ක‍්‍රමවේදයන් ගැන අවධානය යොමු කළ යුතු බවයි.

කොරෝනා අර්බුදය හමුවේ දුර දිග බලා කටයුතු කල යුතු බවත්, මෙතෙක් එසේ පෙනෙන්නට නොමැති බවත් සෝභිත හිමියන් පැවසුවා.

වෛරසවේදය පිළිබද මහාචාර්ය තිස්ස විතාරණ මහතා හා ශ්වසනරෝග විශේෂඥ චන්නද සිල්වාගේ අදහස් අනුව දරුවන්ට එන්නත් ලබාදීම පිළිබද ප‍්‍රශ්ණය මෙතරම් ඉක්මනට නොගත යුතු බවත් දරුවන්ට එන්නත් ලබාදීම සදාචාර විරෝධී යැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන බවත් හිමියන් පෙන්වා දෙනවා.

එමෙන්ම හර්ෂ අතපත්තු වෛද්‍යවරයා කියන අවුරුද්දකට දරුවන් හැදීම කල් දමමු කියන අදහස සැක සහිත බවත් පවුල් සංවිධාන මුවාවෙන් කරපු එකම දේ වෙන්නේ උපත් පාලනය පමණක් බවත් උන්වහන්සේ පෙන්වා දෙනවා.

තවත් අවුරුදු තුන හතරක් වෙනකොට පළමු ශ්‍රේණියට දරුවන් නැති වෙන්න තිබෙන අවධානම ගැන සිංහල බෞද්ධ ජනවර්ගයේ අනාගතය ගැන හිතන දේශපේ‍්‍රමීන් අදහස් දක්වා තිබෙනවා.

මේ එහි පෙරහුරුවක් දරුවන්ට එන්නත්කරණය හරහා ගෙන්වීමට සැරසෙන බවට සැකයක් ඇති බවත් කුසේ සිටින දරුවන්ට එන්නත නිසා බලපෑමක් වනවා නම්, කුඩා දරුවන්ට එන්නත ආරක්ෂිතයි කියන්නේ කෙසේදැයි උන්වහන්සේ ප්‍රශ්න කර සිටිනවා.

කොවිඩ් අර්බුදය ඇතිවුන අවස්ථාවේ සිටම දේශීය වෛද්‍ය ක‍්‍රමයට තැන දෙන්න කියලා ඉල්ලා සිටියත් ඒ අවස්ථාවේ රසායනාගාර පරීක්ෂණ වාර්තා නෑ කියලා සමහරු ප්‍රකාශ කරලා තිබුණු බවත්, ජන සමාජය නැමති පර්යේෂණාගාරයේ වසර දහස් ගණනක් කළ පර්යේෂණවල ප‍්‍රතිඵල ජනතාව අතර සජීවීව තිබෙන බවත් උන්වහන්සේ පවසනවා.

මෙහිදී අදහස් දැක්වූ චන්දන ජයලත් මහතා පැවසුවේ එන්නත් ගැන කතා කිරීමට ඔහුට වෛද්‍ය විද්‍යාත්මක දැනුමක් නොමැති බවත් වර්තමානයේ පවුල්වලට ළමයි දෙන්නයි පමණක් සිටින බැවින් පරික්ෂා නොකළ එන්නතක් දරුවන්ට ලබා දී අනාගතයේ අනර්ථකාරී දෙයක් විය හැකි බව ඔහු පෙන්වා දෙනවා.

මෙහිදී අදහස් දැක්වූ වෛද්‍ය උදාර සම්පත් ගුණවර්ධණ පැවසුවේ ඉදිරි වසර තුළ දරුවන් හදන්නේ නැතිව සිටිමු කියලා වෛද්‍යවරු දක්වන අදහසේ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ මතය කුමක්ද කියා ප්‍රකාශ කරනමෙන් ඔවුන්ගෙන් ඉල්ලා සිටින බවයි.

ගැබිනි මව්වරුන්ට බෙහෙත් ලබාදීමේදී ඒ ගැන කාලයක් තිස්සේ පරීක්ෂණ කිරීමෙන් පසුව ලබා දිය යුතු බවත් එවැනි පරීක්ෂණ නොකළ එන්නත් ගැබිනි මව්වරුන්ට ලබාදීමේදී අතුරු ආබාධ එන්නේ දරුවන් ලොකු වන විට බවත් ඔහු පවසනවා. (colombotimes.lk)

Viber
More from | LOCALMore posts in | LOCAL »