Press "Enter" to skip to content

ඩොලර් කළු කඩ පාලනයට පියවර

ඩොලර් කළු කඩ පාලනයට අවශ්‍ය පියවර ගන්නා බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසනවා.

එනම් ඩොලරය සඳහා මහ බැංකුව නියම කර ඇති විනිමය අනුපාතිකය සහ කළු කඩ අගය අතර ඇති වෙනස ඉතා විශාල බවයි.

මේ හේතුවෙන් බොහෝ විදෙස්ගත ශ්‍රමිකයින් හවාලා ක්‍රම හරහා මෙරටට මුදල් එවීමට පුරුදු වී සිටින බවද ඔහු පවසනවා.

අද (25) පෙරවරුවේ මහ බැංකු පරිශ්‍රයේ පැවති ශ්‍රී ලංකා මහ බැංකුවේ 8 වැනි මුදල් ප්‍රතිපත්ති විවරණය දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී ඔහු මේ බව සඳහන් කළා.

එමෙන්ම මේ කළුකඩ ක්‍රමවේද අඩාල කිරීමට හා පසුබට කිරීමට කටයුතු කරන බවද ඔහු ප්‍රකාශ කළා.

වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ පිළිගත් ක්‍රමවේද ඔස්සේ ශ්‍රී ලංකාවට මුදල් එවීම සිදුකළ යුතු බවයි. (colombotimes.lk)

Viber