Press "Enter" to skip to content

සෙත්සිරිපාය අවට රාජ්‍ය ආයතනවල සේවකයන්ට ලැබෙනදේ

කාර්යාල සේවකයින්ගේ ප්‍රයෝජනය සඳහා ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය විසින් නව බස් සේවාවන් 11 ක් අද (16) සිට ආරම්භ කර තිබෙනවා.

සෙත්සිරිපාය සහ ඒ ආසන්නව පිහිටි කාර්යාල සේවකයින්ගේ ප්‍රයෝජනය සඳහා මෙය සිදු කරන බව සඳහන්.

කොවිඩ් ව්‍යාප්තිය පාලනය කිරීම සහ රැකියා සදහා පැමිණෙන කාර්යාල සේවකයින්ගේ පහසුව වෙනුවෙන් මේසේ කටයුතු කර තිබෙනවා.

ප්‍රවාහන අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේ මෙම නව බස් සේවය සෙත්සිරිපාය කේන්ද්‍ර කරගනිමින් කටුනායක, මිනුවන්ගොඩ, නිට්ටඹුව, යක්කල, කඩවත, කිරිඳිවැල, අවිස්සාවේල්ල, පාදුක්ක, හොරණ, මතුගම යන නගරවල් සදහා ද, කොළඹ – කොටුව සහ දෙමටගොඩ දුම්රිය ස්ථාන දක්වා ද, ක්‍රියාත්මක කිරීමට නියමිත බවයි. (colombotimes.lk)

Viber
More from | LOCALMore posts in | LOCAL »