Press "Enter" to skip to content

“අරගලය අවසන් වනතෙක් විභාග අයදුම්පත්‍ර සම්බන්ධයෙන් කටයුතු සිදු කරන්නේ නැහැ” – ගුරු හා විදුහල්පති සංගම්

ඉල්ලීම් දිනාගැනීම සඳහා වන අරගලය අවසන් වනතෙක් සිසුන්ගේ විභාග අයදුම්පත්‍ර සම්බන්ධයෙන් කටයුතු සිදුනොකරන බවට ගුරු හා විදුහල්පති සංගම් පවසනවා.

එමෙන්ම රජය එම කාලය දිර්ඝ කිරීමට කටයුතු කළයුතු බවත් ඔවුන් සඳහන් කරනවා.

වසර 24ක් පුරා නොවිසඳුනු ගුරු හා විදුහල්පති වැටුප් විෂමතාවලට විසඳුම් ලබාදෙන ලෙස රජයට බලකරමින් එම වෘත්තිය සංගම් උද්ඝෝෂණ ක්‍රියාමාර්ගවලට අවතීර්ණ වූ අතර සිසුන්ට ඔන්ලයින් අධ්‍යාපනය ලබාදීමෙන් ද ගුරුවරුන් ඉවත් වුණා.

මේ අතර ශිෂ්‍යත්ව සහ උසස් පෙළ විභාග සඳහා සිසුන් ලියාපදිංචි කිරීම සඳහා රජය ලබාදී තිබූ කාලය හෙටින් (15) අවසන්වීමට නියමිතව තිබෙනවා. (colombotimes.lk)

Viber

More from | LOCALMore posts in | LOCAL »