Press "Enter" to skip to content

20/20 ලෝක කුසලාන ශ්‍රී ලංකා සංචිතයට තවත් ⁣ක්‍රීඩකයන් 5ක් නම් කෙරේ

2021 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට තවත් අතිරේක ක්‍රීඩකයන් පස් දෙනෙකු නම් කර තිබෙනවා.

ඒ පැතුම් නිශ්ශංක, මිනෝද් භානුක, අශේන් බණ්ඩාර, ලක්ෂාන් සඳකැන් සහ රමේෂ් මෙන්ඩිස් යන ක්‍රීඩකයන් වනවා.

ලෝක කුසලාන සංචිතයට නම් කර සිටි ලහිරු මධුසංඛ ආබාධයක් හේතුවෙන් තරගාවලියට සහභාගි නොවනු ඇති.

ශ්‍රී ලංකා කණ්ඩායම ලබන තුන් වන දා ඕමානය බලා පිටත්වීමට නියමිතයි. (colombotimes.lk)

Viber