Press "Enter" to skip to content

“ඔමික්‍රොන්” නිසා රටවල් කිහිපයකට ගුවන් ගමන් තහනමක්

ලබන සඳුදා සිට බල පැවැත්වෙන පරිදි අප්‍රිකා මහද්වීපයේ රටවල් 08 ක සිට පැමිණෙන ගුවන් යානා අත්හිටුවීමට අමෙරිකාව තීරණය කර තිබෙනවා.

ඒ අනුව දකුණු අප්‍රිකාව, බොට්ස්වානා, සිම්බාබ්වේ, නැමීබියාව, ලෙසෝතෝ, එස්වාටිනි, මොසැම්බික් සහ මලාවි යන රටවල් සඳහා මෙම නියෝගය බලාත්මක වනවා.

ජනාධිපති ජෝ බයිඩ්න් නිකුත් කළ නිවේදනයට අනුව අනිද්දායින් පසු මෙම රටවල සිට අමෙරිකාවට පැමිණීමට හැකි වනුයේ අමෙරිකානු පුරවැසියන්ට සහ ස්ථිර පදිංචිකරුවව්ට පමණයි.

මේ අතර යුරෝපා සහ ආසියානු රටවල් රැසක් මේ වනවිට අප්‍රිකානු රටවල් ගණනාවක සිට පැමිණෙන ගුවන් ගමන් අත්හිටුවා තිබෙනවා.

ඒ මෙම වෛරස් ප්‍රභේදය තම රටවල් වෙත ඇතුලුවීම වළක්වා ගැනීම සඳහායි.

සිංගප්පූරුව, ජපානය, ඉන්දියාව වැනි රටවල්ද තෝරා ගත් අප්‍රිකානු රටවල් ගණනාවක සිට සංචාරකයන් පැමිණීම අත්හිටුවා තිබෙනවා.

එමෙන්ම යුරෝපා සංගමය විසින් සාමාජික රටවලට දන්වා ඇත්තේ දැනට ආසාදිතයන් හමුවී ඇති රටවල් වෙත සහ එම රටවල සිට සිදුකෙරෙන සංචරණ වහා අත්හිටුවන ලෙසයි.
(colombotimes.lk)

Viber