Press "Enter" to skip to content

බිල් ක්ලින්ටන් රෝහල්ගත කෙරේ

අමෙරිකානු හිටපු ජනාධිපති බිල් ක්ලින්ටන් රෝහල් ගත කර තිබෙනවා.

හිටපු ජනාධිපතිවරයා හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් රෝහල් ගත කළ බවයි ඔහුගේ මාධ්‍ය ප්‍රකාශක ඒන්ජල් යුරේනා Twitter පණිවිඩියක් නිකුත් කරමින් සඳහන් කළේ.

එමෙන්ම හිටපු ජනාධිපතිවරයා කොවිඩ් ආසාදනය වීමෙන් රෝහල් ගත කර ඇති බවට පැතිර යන ප්‍රචාර අසත්‍ය බව ද එම පණිවිඩයේ සඳහන්.

75 වියේ පසුවන ක්ලින්ටන් ගේ තත්ත්වය සුව අතට හැරෙමින් පවතින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
(colombotimes.lk)

Viber
More from | INTERNATIONALMore posts in | INTERNATIONAL »