Press "Enter" to skip to content

දුමින්ද නිදහස් කිරීමට එරෙහිව හිරුණිකාගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතන සිද්ධියයෙන් මරණ දඩුවම් නියමව සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා ජනාධිපති සමාව ලබා දී නිදහස් කිරීම සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබෙනවා.

ඒ, එම ක්‍රියාව ව්‍යවස්ථා විරෝධී බවට ප්‍රකාශ කරන ලෙස ඉල්ලමින්.

පෙත්සමෙහි වගඋත්තරකරුවන් ලෙස ජනාධිපතිවරයා වෙනුවෙන් නීතිපතිවරයා , අධිකරණ ඇමති අලි සබ්රි , නීතිපති නම් කර තිබෙනවා.

ජනාධිපති සමාව ලබා දුන් නියෝග බලරහිත කරන ලෙස සහ වගඋත්තරකාර දුමින්ද සිල්වාට සමාව ලබා දීමට අදාළ ලේඛන අධිකරණයට කැදවා විභාගයක් පවත්වන ලෙස ද පෙත්සම්කාරිය විසින් සිය මුලික අයිතිවාසිකම් පෙත්සම මගින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබෙනවා. (colombotimes.lk)

More from | POLITICALMore posts in | POLITICAL »

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *