Press "Enter" to skip to content

ගාල්ලේ ටෙස්ට් තරගය නැරඹීමට අවසර හිමිවන හැටි

සීමා කිරීම්වලට යටත්ව ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන බටහිර ඉන්දීය කොදෙව් – ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය නැරඹීම සඳහා හෙට (24) සිට ප්‍රේක්ෂකයින්ට අවසර ලබා දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.

ඒ අනුව, පූර්ණ එන්නත්කරණයට ලක්වූ ප්‍රේක්ෂකයින්ට (ගාල්ල ක්‍රීඩාංගණයේ ආසන ධාරිතාවෙන් 50%කට) තරගය නැරඹීමට පැමිණිය හැකියි.

මීට අමතරව තරගය නැරඹීමට පැමිණෙන ප්‍රේක්ෂකයින් එන්නත්කරණයට ලක් ව ඇති බවට වන සාක්ෂියක් (එන්නත්කරණ කාඩ්පත) ඉදිරිපත් කළ යුතු වනවා.

ක්‍රීඩාංගණයට ඇතුල්වීමට අවම වශයෙන් දින 14 කට පෙර, 2 වන එන්නත ද ලබාගෙන තිබිය යුතුයි.

සංචාරක බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ සිව්වන දිනය අදයි.

ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනයට ඇද හැලුණු වර්ෂාව හේතුවෙන් ඊයේ තරගය දිවා විවේකයෙන් පසු ආරම්භ කිරිමට හැකිවුනේ නැහැ.

03 වන දිනයට තරගය නිමා කරන විට කඩුලු 09 ක් දැවී කොදෙව් පිළ රැස් කර ගෙන සිටි ලකුණු සංඛ්‍යාව 224 ක්.

රමේෂ් මෙන්ඩිස් හා ප්‍රවීන් ජයවික්‍රම කඩුළු 3 බැගින් දවාගත්තා.

මේ අතර ඊයේ දිනයේ අහිමිවූ පන්දුවාර සංඛ්‍යාව පියවා ගැනීමට නොහැකි නමුත්, අද සහ හෙට තරගය ඇරැඹීමට නියමිත සුපුරුදු වේලාව මිනිත්තු 15 කට පෙර එනම් පෙරවරු 09.45 ට තරගය ආරම්භ කරනු ඇති.

ඊයේ වර්ෂාව හේතුවෙන් තරගය නතර කරනවිට ලකුණු සටහන පහතින්…
(colombotimes.lk)

Viber