Press "Enter" to skip to content

WhatsApp හරහා එන පින්තූර Chat එක විවෘත නොකරම බලමුද?

බිලියන දෙකකට වඩා වැඩි ක්‍රියාකාරී පරිශීලකයින් සංඛ්‍යාවක් සිටින WhatsApp මේ වන විට මෘදුකාංග වෙළඳපොලේ ඇති ජනප්‍රියම පණිවිඩ යෙදුම ලෙස සලකන්න පුළුවන්.

එය පාරිභෝගිකයාට නව ඉඟි සහ උපක්‍රම ලබා දෙමින් අඛණ්ඩව මෘදුකාංගය දියුණු කරමින් පවතින බව නොරහසක්.

නමුත් ඔවුන් සපයන සේවාවට වඩා දෙයක් පාරිභෝගිකයන් ඔවුන්ගෙන් බලාපොරොත්තු වීම මේ වන විට ඔවුන් හමුවේ ඇති අභියෝගයක් වනවා.

ඒ අනුව WhatsApp හි ඇති අඩුපාඩු වලින් එකක් නම්, පණිවිඩකරුවන්ට Chat එකක් හරහා පණිවිඩයක් ලැබුණු විට සහ එය බැලූ විට පණිවිඩ යවන්නන්ට දන්වනු ලැබීමයි.

අද Colombo Times Blog එක හරහා අපි කියන්න යන්නේ එසේ Chat එක එය විවෘත නොකර WhatsApp හි පණිවිඩයක් හෝ ඡායාරූපයක් හෝ වීඩියෝවක් බැලීමට ඇති ක්‍රම කිහිපයක් පිළිබඳවයි.

IPhone වල Chat විවෘත නොකර WhatsApp ඡායාරූප බලන්නේ කෙසේද?

How to Share Your Location on WhatsApp on iPhone or Android

1) මුලින්ම WhatsApp හි ඇති සියලුම Chat වලින් Exit වීම සිදු කරන්න.
2) ඉන්පසු යම් එක Chat එකක් මත තදින් Click කර අල්ලාගෙන ‘More’ option’ සහ ‘Export Chat’ විකල්පය Click කරන්න.
3) ඊළඟට, save to ‘Files’ විකල්පයට යන්න.
4) මෙම අවස්ථාවේදී ඔබට අමතක නොවන Folder එකක් තෝරාගෙන එහි Save කිරීමට පුළුවන්.
5) පසුව ඔබ Save කරන ලද Folder එක වෙත යන්න, එහිදී ඔබට ඡායාරූපය හමුවේ.

Android හි චැට් විවෘත නොකර WhatsApp ඡායාරූප බලන්නේ කෙසේද?

Fix Common WhatsApp Problems on Android Devices

ඉහත, ඇපල් හි IPhone උපාංග සඳහා මෙම උපක්‍රමය ඉවත් කර ගන්නේ කෙසේදැයි අපි පැහැදිලි කරා. නමුත් Android ගැන කුමක් කිව හැකිද? අවාසනාවකට මෙන්, මේ අවස්ථාවේදී Android භාවිතා කරන්නන්ට මේ ආකාරයෙන් WhatsApp Chat Click නොකර අන්තර්ගතය බැලීමට මෙම පහසුකම ලබා ගත නොහැකියි

එයට හේතුව නම් ‘More’සහ ‘Export Chat’ විකල්පයන්ට ප්‍රවේශ විය හැක්කේ Android හි Chat එකක් තුළ සිට මිස Home මෙනුවෙන් නොවන බැවින්.

සමහර විට මෙය අනාගතයේදී වෙනස් විය හැකි නමුත් දැනට මෙම WhatsApp පෞද්ගලිකත්ව උපක්‍රමය ලබා ගත හැක්කේ iPhone හරහා පණිවිඩ යැවීමේ යෙදුමට ප්‍රවේශ වන අයට පමණයි.

සෑම මසකම WhatsApp වෙතින් වැඩි වැඩියෙන් සංවර්ධනයක් පැමිණෙන අතර පෞද්ගලිකත්වය ආරක්‍ෂා කිරීම සඳහා නවතම ක්‍රම ද සැලසුම් කර තිබෙනවා.

ඡායාරූප සහ වීඩියෝ අතුරුදන් වීමේ ක්‍රමය පිළිබඳව WhatsApp වෙතින් හඳුන්වාදුන්නේ ඉන් එක් විශේෂාංගයක් ලෙසයි.
(colombotimes.lk)

Viber
More from | 𝗕𝗟𝗢𝗚More posts in | 𝗕𝗟𝗢𝗚 »