Press "Enter" to skip to content

“සහනාධාර දෙනවාට තමන් විරුද්ධයි” – මන්ත්‍රී එස්. බී. කියයි

සහනාධාර දීම යනු තමන් භාවිතා කරන විදුලිය, ඉන්ධන, ජලය සහ ගෑස් සඳහා වෙනත් අයෙකු මුදල් ගෙවීම බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. බී. දිසානායක සඳහන් කරනවා.

ඒ අනුව විදුලිය, ඉන්ධන, ජලය සහ ගෑස් ආදිය සඳහා සහනාධාර දෙනවාට තමන් විරුද්ධ බවයි ඔහු කියා සිටියේ.

මේ අතර තමන් භාවිතා කරන විදුලිය, ඉන්ධන, ගෑස් වලට තමන් ගෙවිය යුතු බවත්, ඒ සඳහා වෙනත් කිසිවෙකු මුදල් ගෙවිය යුතු නැති බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියා. (colombotimes.lk)

Viber
More from | POLITICALMore posts in | POLITICAL »