Press "Enter" to skip to content

කාබනික පොහොර ආනයනයට අවසර ලබාදේ

මෙතෙක් වී වගාව සඳහා පමණක් අවසර හිමිවූ කාබනික පොහොර ආනයනය අද (16) සිට තේ, පොල්, රබර් ඇතුළු සියලු බෝග සඳහාද ලබාදීමට රජයේ පොහොර සමාගම් 02 ට අවසර දුන් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසනවා.

මෙමගින් ඔක්තෝබර් මාසය වනවිට සියලුම බෝග වගාවන් සඳහා හිඟයකින් තොරව වෙළඳපොළෙන් පෙහොර මිලදී ගත හැකි වන පරිදි පොහොර ආනයනයට පෞද්ගලික අංශයට අවස්ථාව ලබාදී තිබෙනවා.

කාබනික පොහොර භාවිතයෙන් වී ගොවිතැන් කිරීම සඳහා අවශ්‍ය කාබනික පොහොර රටතුළ නිෂ්පාදනය කෙරෙමින් පවතින බව ත් කාබනික නයිට්‍රජන් හා පොටෑසියම් අවශ්‍ය තරම් ආනයනය කර ඇති බවත් කෘෂිකර්ම අමාත්‍යංශය නිකුත් කළ එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වනවා.

මේ අනුවහෙක්ටායරයක් සඳහා නයිට්‍රජන් කි.ග්‍රෑ. 300 ක් හා පොටෑසියම් කි.ග්‍රෑ 45 බැගින් ගොවීන්ට නොමිලේ ලබා දීමට කටයුතු කර ඇති බවයි. (colombotimes.lk)

Viber