Press "Enter" to skip to content

නොගැඹුරු මුහුදු ප්‍රදේශවල සුළගේ වේගයේ වැඩිවීමක්

ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැයට කිලෝමිටර් 60 සිට 70 දක්වා ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

ඒ හේතුවෙන් අදාළ මුහුදු ප්‍රදේශ විටින් විට ඉතා රළු විය හැකි අතර දිවයින වටා සෙසු ප්‍රදේශද විටින් විට රළු විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ.

මේ හේතුවෙන් ධිවර හා නාවික ප්‍රජාව අවදානයෙන් කටයුතු කළ යුතු බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා.

මේ අතර සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව දැනුම්දෙනවා.

බස්නාහිර පළාතේ වැසි ස්වල්පයක් ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතිනවා.

දිවයින හරහා විටින් විට හමන පැ.කි.මී 40 – 50 දක්වා වන තරමක තද සුළං ඇති විය හැකි අතර මධ්‍යම කඳුකරයේ බරහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් සුළඟේ වේගය විටින් විට පැ.කි.මී 60 දක්වා වැඩිවිය හැකි වනවා. (colombotimes.lk)

More from | WEATHERMore posts in | WEATHER »