Press "Enter" to skip to content

1st T20 Full Match Highlights: ඉන්දියාවට එරෙහි පළමු 20යි 20 තරගයේ ජයග්‍රහණය සිංහයන්ට අහිමිවෙයි 📹

ඉන්දියාව සහ ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවති පළමු විස්සයි විස්ස තරගය ලකුණු 38 කින් ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් වුණා.

තරඟයේ කාසිය වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම කඩුලු‍ 5ක් දැවී ලකුණු 164ක් රැස්කළා.

ලකුණු 165ක ජයග්‍රාහී ඉලක්කයක් හමා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම ට පන්දුවාර 18යි පන්දු 3ක් තුලදී සියලු‍දෙනා දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 126ක් පමණයි.

එහිදී වේගවත් පිති හරඹයක නිරත වූ චරිත් අසලංක පන්දු 26ක් තුළ ලකුණු 44ක් ලබා ගත්තා.

ඒ අනුව තරගයේ ජයග්‍රහණය ඉන්දීය කණ්ඩායමට හිමි වූ අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩුළු 4ක් බිද හෙලූ බුවනේෂ්වර් කුමාර් තරගයේ වීරයා ලෙස සම්මාන දිනා ගත්තා. (colombotimes.lk)

More from | 𝐃𝐚𝐢𝐥𝐲 𝐒𝐩𝐨𝐫𝐭𝐬More posts in | 𝐃𝐚𝐢𝐥𝐲 𝐒𝐩𝐨𝐫𝐭𝐬 »