Press "Enter" to skip to content

ඉන්දුනීසියාවේ මියයන ආසාදිත වෛද්‍යවරුන් ගණන ඉහළට

මෙම මාසයේ මුල් සති දෙක තුළ කොරෝනා ආසාදිත ඉන්දුනීසියානු වෛද්‍යවරුන් 114 දෙනෙකු මියගොස් තිබෙනවා.

ඒ අනූව කොරෝනා වසංගතය හේතුවෙන් මියගිය සමස්ත ඉන්දුනීසියානු වෛද්‍යවරුන් සංඛ්‍යාව 545 ක් දක්වා ඉහළ ගියා.

ඉන්දුනීසියානු සෞඛ්‍ය බලධාරීන් පවසන්නේ සෞඛ්‍ය සේවකයින්ගෙන් සියයට 95 ක් එන්නත් කර තිබියදීත් මෙම මරණ වාර්තා වීම ඛේදජනක තත්ත්වයක් බවයි.

ඉන්දුනීසියාව, කොරෝනා වසංගතයේ නවතම කේන්ද්‍රස්ථානය ලෙස සෞඛ්‍ය විශේෂඥයින් විසින් නම් කර තිබෙනවා.

මේ වන විට ඉන්දුනීසියාව පුරා ඩෙල්ටා ප්‍රභේදය ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වීම, ඊට හේතුවයි.(colombotimes.lk)

More from | INTERNATIONALMore posts in | INTERNATIONAL »

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *