Press "Enter" to skip to content

රනූ මොන්ඩාල් “මැණිකේ” එක්ක යළි කරළියට (VIDEO)

2019 දී “එක් පියාර් කා නග්මා හේ” ගීතය හරහා අතිශය ජනප්‍රිය වුණ වයස්ගත කාන්තාව වන රනු මොන්ඩාල් ඔබට මතකද?

මේ වන විට ඇය නැවතත් සමාජ මාධ්‍ය අවධානය දිනාගැනීමට සමත්ව තිබෙනවා.

ඒ ලොව පුරා අතිශය ජනාදරයට පත් වූ ශ්‍රී ලාංකේය ගීතය වන ගීතය වන “මැණිකේ මගේ හිතේ” ගීතය ඉදිරිපත් කිරීමත් සමඟින්.

මීට වසර දෙකකට පෙර, බටහිර බෙංගාලයේ රන්ඝාට් දුම්රිය ස්ථානයේ ලතා මංගේෂ්කාර්ගේ “ඒක් පයාර් කා නග්මා හේ” ගීතය ගායනා කරන වීඩියෝවක් නිසා ඇය එක රැයකින් ලොව පුරා ජනප්‍රිය වුණා.

මේ හේතුවෙන් ඉක්මනින්ම ඇයට මුම්බායිහි පැවති රියැලිටි වැඩසටහනකට ආරාධනා කරළ අතර වාසනාවකට මෙන් ප්‍රසංගයේ විනිසුරුවරයෙකු ලෙස පෙනී සිටි හිමේෂ් රෙෂම්මියා රනුගේ ගායන කුසලතාව අනුමත කර ඔහුගේ හැපි හාඩි සහ හීර් චිත්‍රපටය සඳහා ගායනා කරන ලෙස ඇයගෙන් ඉල්ලා සිටියා.

මේ වනවිට රනු මොන්ඩල් ගායනය කරන නව වීඩියෝවක් ලෙස “මැණිකේ මගේ හිතේ” හිතේ ගායනා කර ඇති අතර එම පටය මේ වන විටත් 1,109,993 වැඩි වාර ගණනක් නරඹා තිබෙනවා.

රතු ටී ෂර්ට් එකකින් සහ කලිසමකින් සැරසී යොහානි ලෙස සැරසී රනු මොන්ඩාල් විසින් “මැණිකේ මගේ හිතේ” ගීතය ගායනා කළා.

එම ගීතය පහතින්…
(colombotimes.lk)

Viber