Press "Enter" to skip to content

දැඩි විකෘති ප්‍රභේදය තවත් රටවල් 2කින් හමුවේ

මේ වන විට ලොව රටවල් කිහිපයකින් හමුවූ දැඩි විකෘතිතාවයක් පෙන්නුම් කරනු ලබන B.1.1.529 කොවිඩ් ප්‍රභේදය “ඔමික්‍රොන්” (Omicron) ලෙස නම් කිරිමට ලෝක සෞඛ්‍ය සංවිධානය පියවරගෙන තිබෙනවා.

එය දැඩි සැලකිල්ලක් දැක්විය යුතු කොවිඩ් ප්‍රභේදයක් ලෙසද ලැයිස්තු ගත කර තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

එමෙන්ම එය විකෘතිතා රැසකින් සමන්විත අතර නැවත නැවතත් වැළඳීමේ හැකියාව ඉහළ මට්ටමක පවතින බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

මෙම නව ප්‍රභේදය ආසාදිතයන් දෙදෙනෙකු ඊශ්‍රායලයෙන් සහ බෙල්ජියමෙන්ද වාර්තා වී තිබෙනවා.
(colombotimes.lk)

Viber