Press "Enter" to skip to content

දිල්ලියේ ගංගාවකට ඇමෝනියා මුසුවීමෙන් සිදු වූ දේ

විෂ පෙන වලින් දූෂණය වූ දිල්ලි අසල ගංගාවක දහස් ගණන් ඉන්දියානුවන් යාඥා කරන ආකාරය දැක්වෙන ඡායාරුප බොහොමයක් පසුගිය දින කිහිපයේ සමාජ මාධ්‍ය තුළ ප්‍රසිද්ධියට පත්ව තිබුණා. මේ හේතුවෙන් දිල්ලි බලධාරීන් පසුගිය සතියේ දිල්ලියේ සෞඛ්‍ය සේවා හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කළා. එමෙන්ම එහි වායු දූෂණය කෙතරම් නරකද කියනවා නම් පාසල් වසා දැමීමට පවා බල කෙරුණු අතර මාර්ගයේ මෝටර් රථ සංඛ්‍යාව සිමා කිරීම සිදු කළා.

People pose for pictures as they stand amidst the foam covering the polluted Yamuna river on a smoggy morning in New Delhi, India

නගරයේ මිලියන 20 කට ආසන්න පදිංචිකරුවන්ට පානීය ජලය සපයන යමුනා ගඟට ද මෙම පරිසර දූෂණ ගැටලුව බලපා තිබෙනවා. කාර්මික දූෂණ වලින් පිටවන ඉහළ ඇමෝනියා මට්ටම් හේතුවෙන් ගංගාව විෂ සහිත පෙණවලින් පිරී තිබෙන අයුරු දක්නට ලැබෙනවා. හින්දු උත්සවයකදී දහස් ගණන් බැතිමතුන් විෂ පෙණ මැද සිටගෙන යාඥා කරන අයුරු දැකගත හැකි වීම බොහෝ දෙනා සමච්චල් කළ කරුණක් වනවා.

නමුත් විශ්මය ජනක කරුණ නම් මෙසේ තිබියදීත් දිල්ලිය ඉන්දියාවේ වඩාත්ම දූෂිත නගර 10 අතරටවත් ශ්‍රේණිගත නොවීමයි. එය 14 වන ස්ථානයට පහත වැටී ඇති අතර තවත් නගර 13 ක් ඉහළ වාර්තාගත පරිසර දූෂණයක් තිබෙනවා. නමුත් මෑතකදී දිල්ලි නගරයට අවධානය යොමු වූයේ, නගරයට බලපාන පරිසර දූෂණයේ මට්ටම පෙන්නුම් කරන විෂ සහිත ගංගාවේ මිනිසුන් යාච්ඤා කරන ඡායාරූපත් සමඟයි.

An Indian Hindu devotee performs rituals in the Yamuna river, covered by chemical foam caused by industrial and domestic pollution

ගංගාවල යාඥා කිරීම ඉන්දියාවේ සාමාන්‍ය දෙයක් වන අතර, මිනිසුන් යමුනා ගඟට බැස යන ඡායාරූපවල වන්දනාකරුවන් ඡත් පුජා උත්සවය පැවැත්වූ අයුරු දැක්වෙනවා. මෙම උත්සවය පවත්වනු ලබන්නේ ‘පෘථිවියේ ජීවයේ ත්‍යාග පිරිනැමීම’ වෙනුවෙන් සහ පැතුම් ඉටු කිරීම වෙනුවෙන් සූර්යයාට ස්තුති කිරීම සඳහා වනවා.

එමෙන්ම දිල්ලියේ මිලියන සංඛ්‍යාත වැසියන්ට පානීය ජලය ලෙස සැපයෙන්නේ මෙන ගංගාවෙන් වන අතර ඊට ප්‍රථම ගඟේ ජලය රසායනිකව පිරිපහදු කරනු ලැබෙනවා. නමුත් ප්‍රදේශවාසීන් පවසන්නේ “ජලය සම්පූර්ණයෙන්ම කළු පාටයි. ‘වතුර ඔක්කොම රසායනික’ වී ඇති බවයි.

Hindu women worship the Sun god in the polluted waters of the river Yamuna during the Hindu religious festival of Chatth Puja in New Delhi, India
Water from the river is chemically treated before being supplied to Delhi's millions of residents as drinking water

නමුත් අධික ලෙස දූෂිත ගංගාවක අනතුරු තිබියදීත්, සමහර ඉන්දියානුවන් පෙන සමඟ සතුටින් ඡායාරූපවලට පෙනී සිටීම පුදුමයට කරුණක් වනවා. පරිසර ක්‍රියාකාරීන් පවසන්නේ, දූෂණයට එරෙහි නීති නොතකා නගර අපද්‍රව්‍ය, ගොවිතැන් කරන පළිබෝධනාශක සහ කාර්මික අපද්‍රව්‍ය නිදහසේ ජල මාර්ගවලට ගලා යාමත් සමඟ රටේ ආර්ථිකය දියුණු වන විට ඉන්දියාව පුරා බොහෝ ගංගා අපිරිසිදු වී ඇති බවයි.

විෂ සහිත පෙණ සංසිද්ධිය දුටු එකම රට ඉන්දියාව නොවේ, උතුරු ජකර්තා හි ගංගාවක් ද්‍රව්‍යයෙන් ආවරණය වී ඇති බව පෙන්වන ඡායාරූප කිහිපයක්ද පසුගිය කාලයේ හුවමාරු වුණා. ඉන්දුනීසියාවේ ගංගාවෙන් පෙණ මතුවීමට හේතුව කුමක්ද යන්න තවමත් පැහැදිලි වී නොමැත.

Authorities declared a health emergency in Delhi last week, with air pollution so bad that schools were forced to close

නවදිල්ලියේ සහ ඒ අවට ප්‍රදේශවල වායු දූෂණය නොවැම්බර් 3 සහ 4 යන දිනවල මේ වසරේ නරකම මට්ටමට ළඟා වීමත් සමඟ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පත් කරන ලද මණ්ඩලයක් වාතයේ ඇති දූවිලි පාලනය කිරීම සඳහා නවදිල්ලි කලාපයේ ඉදිකිරීම් කටයුතු තාවකාලිකව තහනම් කරණු ලැබුවා.

'The water is absolutely black in color,' said Hari Lal, a New Delhi resident who was on the river bank Wednesday

බලධාරීන් නගර වීදිවලින් දුම් දමන භාණ්ඩ ට්‍රක් රථ ද තහනම් කළ අතර, මාර්ගයේ මෝටර් රථ සංඛ්‍යාව සීමා කිරීම සඳහා අත්හදා බැලීම් සිදු කළා. පිදුරු සහ කුණු ගිනි නිවා දැමීමට උත්සාහ කළ අතර ප්‍රදේශය දූවිලි වැසීම වැළැක්වීම සඳහා ඉදිකිරීම් ස්ථාන ආවරණය කරන ලෙස ඉදිකිරීම්කරුවන්ට නියෝග කර තිබුණා. රජයේ පරිසර ඒජන්සිය දිල්ලියේ දූෂණයෙන් සියයට 50 කට ආසන්න ප්‍රමාණයක් බෝග ගිනි තැබීම නිසා බව පවසනවා.

The shocking toxic foam is believed to have been caused partly by high ammonia levels emanating from industrial pollutants

ඉන්දියාවේ උතුරු ප්‍රාන්තවල ගොවීන් දහස් ගණනක් නව වගාවන් සඳහා ඉඩ සැලසීම සඳහා බෝග ගිනි තැබීම තහනම් කරන නීතියද නොසලකා හැර වැඩ කටයුතු කරන බව එරට වැසියන් පවසනවා. මෙම ක්‍රියාව තහනම් කරන ලද නමුත් ලාභ සහ පහසු විකල්ප නොමැති නිසා බොහෝ ගොවීන් අඛණ්ඩව වගාවන් ගිනි තබා තිබෙනවා. ඔක්තෝබර් අගදී උතුරු ඉන්දියාවේ ගිනි තැබීම පුළුල් ලෙස පැතිර ගිය බවටද වාර්තා වනවා.

Air pollution in New Delhi and surrounding areas reached this year's worst level on November 3 and 4

නමුත් ඉන්දියාවේ වායු දූෂණ ගැටලුව නවදිල්ලියේ මිලියන 20 කට වැඩි පදිංචිකරුවන්ට වඩා බොහෝ දුරට විහිදී තිබෙනවා. ඒ අනුව උතුරු තීරය පෘථිවියේ විශාල ප්‍රමාණයක් මෙන්ම වඩාත්ම ජනාකීර්ණ කොටස් වලින් එකක් මෙසේ වායු දුෂණයට ලක්ව ඇති බව සඳහන්. මිලියන 3ක ජනතාවක් වෙසෙන කාන්පූර් හි කාර්මික කේන්ද්‍රස්ථානය, ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) විඅසින් දුෂිතම වාතය සහිත ස්ථාන ලැයිස්තුවට ඇතුලත් වනවා. එමෙන්ම ඉන්දියාවේ නගර 13 ක් එම ලේඛනයට ඇතුලත් වනවා.

India wasn't the only nation to be affected by the toxic foam phenomenon, with the substance taking over parts of the East Flood Canal, Marunda, North Jakarta

වාතයේ ගුණාත්මක කියවීම් අඛණ්ඩව දින 500 ට වඩා ඉහළ මට්ටමක පැවතුනද, අනෙකුත් බොහෝ ඉන්දියානු නගර මෙන් කාන්පූර්හි ද වායු දූෂණයට එරෙහිව සටන් කිරීමට අවශ්‍ය යටිතල පහසුකම් නොමැති බැවින් හදිසි පියවර කිහිපයක් අනුගමනය කර තිබෙනවා.

එමෙන්ම ඉන්දියාවේ ප්‍රාන්ත වන පන්ජාබ් සහ හර්යානා හි ගොවීන් ශීත ඍතු වපුරන කාලය සඳහා සූදානම් වීම සඳහා සෑම වසරකම සහල් වී පිදුරු සහ පිදුරු පුළුස්සා දැමිණ සිදු කරනවා. මෙම වසරේ, චන්ද්රිකා දත්ත ඔස්සේ ඔක්තෝබර් අග දී සැලකිය යුතු ගිනි ගැනීම් ප්‍රමාණයක් හඳුනා ගැනීමට සමත්ව තිබෙනවා. චන්ද්‍රිකා දත්ත තවදුරටත් විශ්ලේෂණය කිරීමෙන් පෙන්නුම් කළේ අඩු උෂ්ණත්වය සහ දුර්වල සුළං දූෂක සමුච්චය වන විට ලැව් ගිනි වැඩිවීම සිදු වන බවයි.

The reason for the foam on the East Flood Canal in Marunda, North Jakarta is unknown

භූගත ජලය සුරැකීමට අදහස් කරමින් සකස් කරන ලද 2009දී කළ ප්‍රතිපත්තිමය වෙනසක් මගින් මෙම රටාව වෙනස් කළ අතර, ගොවීන්ට වී බීජ පැල ජුනි මස මැද වන තෙක් බද්ධ කිරීම වැලැක්වීමට සමත්වී තිබෙනවා. සහල් යනු වතුර විශාල වශයෙන් අවශ්‍ය බෝගයක් වන අතර සමහර වර්ග වලට, නිපදවන සෑම ධාන්‍ය කිලෝග්‍රෑමයකටම ජලය ලීටර් 5,000ක් පමණ අවශ්‍ය වනවා.

ප්‍රමාද වැපිරීම යනු ප්‍රමාද අස්වැන්නක් ලැබෙනවා. ශීත ඍතුවේ බෝග සඳහා ඉතිරිව ඇති කාලය අඩු බැවින් ගොවීන් ඉක්මනින් එය සිදු කිරීමට පිදුරු පුළුස්සා දැමීමට නැඹුරු වනවා. ඉහළ සිලිකා අන්තර්ගතයක් ඇති වී පිදුරු හේතුවෙන් මෙසේ වාතය අපිරිසිදු වන බවට සඳහන්. එමෙන්ම ඉන්දියාවේ මෝසම් වර්ෂාව ද පැමිණීම ප්‍රමාද වී තිබෙනවා. ජූනි මස ආරම්භයෙන් පසුව, එය වෙනදාට වඩා මසකට වඩා පසුව අද හැලීමට පටන් ගැනීම තවත් ගැටළු මතුකිරීමට සමත්වී තිබෙනවා.
(colombotimes.lk)

Viber