Press "Enter" to skip to content

“ආණ්ඩුවේ ශක්තිමත්භාවය සැමට තහවුරු කිරීමට විශ්වාසභංගයක් ගෙනත් අවස්ථාව ලබා දුන්නට ස්තුතියි” – ජොන්ස්ටන් ප්‍රනාන්දු

විපක්ෂයේ විශ්වාසභංගය ගෙන ඒම තුළින් ආණ්ඩුව කොතෙක් ශක්තිමත්ද යන්න සැමට තහවුරු කිරීමට අවස්ථාවක් ලබා දීම සම්බන්ධයෙන් විපක්ෂයට මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ස්තුතිය පලකළා.

මෙම ආණ්ඩුව අස්ථාවර ආණ්ඩුවක් නොවන බවට හා ඉතාම ශක්තිමත් ලෙස ආණ්ඩුව ඉදිරියට යන බව ජත්‍යන්තරයට එමඟින් පණිවිඩයක් ලබාදීමට හැකි වූ බවයි එහිදී අමාත්‍යවරයා පැවසුවේ.

මෙම විශ්වාසභංගය තුළින් විපක්ෂයේ විශ්වාසය භංග වී ආණ්ඩු පක්ෂයේ විශ්වාසය තහවුරු වුණ බවද මහාමාර්ග අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.

ග්‍රාමීය මාර්ග කි.මි 100,000 ක් සංවර්ධනය කිරීමේ ජාතික වැඩසටහනේ හා කොළඹ මාර්ග තදබදය අවම කිරිමේ අරමුණින් ඉදිවන පාලම් ව්‍යාපෘතීන් වල ප්‍රගතිය පිළිබඳව සොයා බැලීම සඳහා අද පැවති ප්‍රගති සමාලෝචන සාකච්ඡාවේදී අමාත්‍යවරයා මෙම අදහස් පලකළා. (colombotimes.lk)

More from | POLITICALMore posts in | POLITICAL »

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *