මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට එරෙහිව පවතින දිවි නැගුම නඩුවේ සාක්ෂි කැඳවීම අදින් අවසන් කිරීමට අධිකරණය අද තීන්දු කළා.
මෙම නඩුව අද කැඳවුයේ කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා ඉදිරියේදීයි.
එම නඩුව අද කැඳ වූ අවස්ථාවේදී විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් අධිකරණයෙන් ඉල්ලා සිටියේ විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කර දෙන ලෙසයි.
ඒ සම්බන්ධයෙන් සලකා බැලූ අධිකරණය අදාළ නඩුවේ සාක්ෂි කැඳවීම අදින් අවසන් කර තීන්දුව ලබාදීම පෙබරවාරි පළමුවෙනිදා දක්වා කල් තබා තිබෙනවා.
(colombotimes.lk)