Press "Enter" to skip to content

දකුණු ඉන්දීය සුපිරි තරුවකට කොවිඩ්

දකුණු ඉන්දීය සිනමාවේ සුපිරි තරුවක් වන කමල් හසන් ට කොවිඩ් ආසාදනය වී තිබෙනවා.

Twitter පණිවුඩයක් නිකුත් කරමින් ඔහු මේ බව සඳහන් කර තිබෙනවා.

තමන්ට කොවිඩ් ආසාදනය වී ඇති බවට තහවුරු වීමෙන් අනතුරුව රෝහල්ගතව සිටින බව එහි සඳහන්.

කොවිඩ් වසංගතය පැතිරීම අවසන් ව නොමැති බැවින් සියලු දෙනා තවදුරටත් ආරක්ෂිතව සිටිය යුතු බව එම ට්විටර් පණිවුඩයේ වැඩිදුරටත් සඳහන්ව තිබෙනවා.

චෙන්නායි හි පොරූර් පෞද්ගලික රෝහලක ඔහු ප්‍රතිකාර ලබන බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.
(colombotimes.lk)

Viber