Press "Enter" to skip to content

නිහඬව සිටි කුසල් මෙන්ඩිස් පළමු වරට කියූ දේ

තරග තහනමකට ලක්ව සිටින කුසල් මෙන්ඩිස් සිය නිල Twitter ගිණුමේ ඊයේ (22 වැනිදා) සටහනක් තබා තිබෙනවා.

එහිදී මේ දිනවල තමා තදින්ම විශ්වාස කරන වචනය ‘වෙනස’ බවයි ඔහු පවසා ඇත්තේ.

කලක පටන් CCC ක්‍රිකට් සමාජය වෙනුවෙන් ක්‍රීඩා කළ ඔහු SSC කණ්ඩායම සමගින් ඉදිරියේදී ක්‍රීඩා කරන බවටද අදාළ සටහනෙන් දක්වා තිබෙනවා.

SSC ක්‍රීඩා සමාජය සිය සිහිනය නැවත ලිවීමට ධෛර්යයක් වනු ඇති බවත්, CCC ක්‍රීඩා සමාජය සිය දෙවැනි නිවස යැයි ද ඔහු එහි පවසා තිබෙනවා.

එමෙන්ම ක්‍රීඩා කිරීමේදී වසර ගණනාවක් සිට සහය දුන් සැමට ස්තුති වන්ත වන බවද එහි සඳහන්.
(colombotimes.lk)

Viber