Press "Enter" to skip to content

අද තරඟය ක්‍රීඩා කිරීමට කුසල් පෙරේරාට අවස්ථාව

ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා දෙවැනි විස්සයි විස්ස ජාත්‍යන්තර ක්‍රිකට් තරඟය අද (12) කොළඹ ඛෙත්තාරාම ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිත අතර මෙම තරඟයට කොවිඩ් ආසාදිතව සුවය ලැබූ කුසල් ජනිත් පෙරේරා කැඳවීමට ඉඩ ඇතැයි වාර්තා වෙයි.

ඒ අනුව දිනේෂ් චන්දිමාල් අංක තුන ස්ථානයේ පන්දුවට පහරදීමට ඉඩ ඇති අතර කුසල් පෙරේරා අවිශ්ක ප්‍රනාන්දු සමග ඉනිම ආරම්භ කිරීමට නියමිත බවද වාර්තා වනවා.

මෙසේ කැඳවීමක් කර ඇත්තේ තරඟ කිහිපයකදී අසාර්ථක වූ භානුක රාජපක්ෂ වෙනුවට බවයි වාර්තා වන්නේ. (colombotimes.lk)

Viber
More from | 𝐃𝐚𝐢𝐥𝐲 𝐒𝐩𝐨𝐫𝐭𝐬More posts in | 𝐃𝐚𝐢𝐥𝐲 𝐒𝐩𝐨𝐫𝐭𝐬 »