Press "Enter" to skip to content

ජීවන ගීතය අවසන් කළ කැමිලස්

මෙරට සංගීත ලෝකයට සර්වකාලීන ගීත නිර්මාණ රැසක් දායාද කළ ප්‍රවීණ ගීත රචක කැමිලස් පෙරේරා මහතා අද උදෑසන අභාවප්‍රාප්ත වුණා.

කලක් රෝගාතුරව සිටි ඒ මහතා මියයන විට වයස අවුරුදු 74 ක්.

80 දශකයේ ගීත රචනා කලාවට අවතීරණ වූ කැමිලස් පෙරේරා මහතා උන්මාද වූ ප්‍රේමාදරේ,….හිමිනැති පෙමකට ,දේව මන්දිරේ … වාසනා වේවා….ආදර ප්‍රිය ලඳුනේ මට මුළු ලොව ලොවම ඔබයි……හදවිලේ ඔබ පිපුණා….. ආදි සදා මතකයේ රැඳෙන ගීත රැසක හිමිකරුවායි.

1947 වසරේ අප්‍රේල් මස 4 වැනිදා වත්තලදි උපන් ඔහු වත්තල ශාන්ත අන්තෝනී විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙක්.

ගීත නිබන්ධන කාර්යයට අමතරව සරසවිය පුවත්පත ඇතුළු පුවත්පත් රැසක විශේෂාංග ලේඛකයෙකු ලෙස ද ඔහු කටයුතු කළා.

චිත්‍රපට ගීත ඇතුළුව ඔහු විසින් රචනා කර ඇති ගීත සංඛ්‍යාව දහසකට ආසන්නයි.

කැමිලස් පෙරේරා මහතාගේ දේහය මහජන ගෞරවය සඳහා හෙට උදෑසන 9:00 සිට පස්වරු 3:00 දක්වා වත්තල පෞද්ගලික මල් ශාලාවක තැන්පත් කර තැබෙනවා.

දේහය පිළිබඳ අවසන් කටයුතු පස්වරුවේ වත්තල රෝමානු කතෝලික දේවස්ථාන සුසාන භූමියේදි සිදු කිරීමට නියමිතයි.

ඔහුගේ ප්‍රාණය නිරුද්ධ වුව ද, ඔහු ලියූ ගීතවත් වදන්, මේ අහසයි පොළවයි අතර අවකාශයේ සදා නින්නාද දෙනු ඇති. (colombotimes.lk)

More from | ENTERTAINMENTMore posts in | ENTERTAINMENT »

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *