Press "Enter" to skip to content

නාරාහෙන්පිට රෝහලේ අත් බෝම්බ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයෙකු අත්අඩංගුවට

නාරාහේන්පිට පෞද්ගලික රෝහලක වසිකිළියකින් අත්බෝම්බයක් සොයා ගැනීමේ සිද්ධියට අදාලව සැකකරුවෙකු කොළඹ අපරාධ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු මෙම රෝහල ඉදිකිරිම සඳහා පැමිණි ත්‍රිකුණාමලය උප්පුවේලි ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි අයෙක් බවයි වාර්තා වන්නේ.

මිට අමතරව තවත් පුද්ගලයන් දෙදෙනෙකු සම්බන්ධයෙන් පරීක්ෂණ ක්‍රියාත්මකයි.

බෝම්බය සම්බන්ධ පරීක්ෂණ කටයුතු සිදු කිරීම සඳහා රෝහලේ ආරක්ෂක අංශයෙන් සහ තවත් කිහිපදෙනෙකුගෙන්ම ප්‍රකාශ සටහන් කර ගැනීමක් සිදුකල බව පොලිසිය සඳහන් කළා.(colombotimes.lk)

Viber